Connect with us

Health & Beauty

ශරීරයේ බර අඩු කර ගැනීමට ඔබට උපකාරී වන බීම වර්ග

Published

on

ඇත්තටම බොහෝ පිරිසකට එදිනෙදා වැඩත් එක්ක තමන්ගේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ව්‍යායාම කිරීම ආහාර පාලනය කිරීම කියන්නේ තරමක් අපහසු කාර්යක්. ඒ වගේම අද වන විට බොහොමයක් තරුණ පිරිස් මත්පැන් භාවිතයට හා වැරදි ආහාර පුරුදු වලට හුරු වීම නිසාවෙන් අක්‍රමවත් පරිවෘත්තීය ක්‍රියාවන්ට බිලි වෙලා. ඉතින් ඔන්න මේ හේතු කාරණා සැලකිල්ලට අරගෙන අද අපි ඔබට කියන්න යන්නේ අහාර ජීර්ණය වැඩිදියුණු කරන වගේම ඔබේ බරත් අඩු කර ගන්න උපකාරී වන බීම වර්ග කිහිපයක් ගැන. ඇත්තටම මෙම බීම වර්ග බර අඩු කරනවා වගේම ඔබට ඔබේ ශරීරයේ ශක්ති මට්ටමද වැඩි කර ගන්න පුළුවන්.

මිදී හා දෙළුම් මිශ්‍ර පානය

Image: pixabay

මිදී හා දෙළුම් වෙන වෙනම ගෙන හොඳින් බ්ලෙන්ඩර් කර වීදුරුවකට දමා ගන්න.පසුව එයට මීපැණි තේ හැන්දක් හා අවශ්‍ය පදමට ලුණු ස්වල්පයක් එක් කොට හොඳින් මිශ්‍ර කර ගන්න.
මෙලෙස සාදා ගත් පානය ඔබගේ ශරීරයට කිහිප ආකාරයකින්ම වැදගත් වන අතර ඒ සෑම දෙයකින්ම ඔබගේ බර අඩු කර ගැනීමේ හැකියාව ඔබට ඇත. ගුද මාර්ගයේ බර අඩු කිරීමට මෙන්ම,ඔබගේ ශරීරයේ ඉන්සියුලින් මට්ටම පාලනය කිරීමටත්, රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම පාලනයටත් මෙම මිදී හා දෙළුම් මිශ්‍ර පානය ඔබට උපකාරී වන අතර, මේ සෑම දෙයකින්ම ඔබේ බර අඩු කර ගැනීමට ඔබට පුළුවන.

අන්නාසි පානය

Image: Shutterstock

අන්නාසි පොඩියට කෑලි කපා හොදින් බ්ලෙන්ඩර් කර වීදුරුවකට දමාගත් පසු එයට කුරුඳු කුඩු තේ හැන්දක්, දෙහි යුෂ හා ලුණු අවශ්‍ය ප්‍රමාණයට එක් කොට හොදින් මිශ්‍ර කර ගන්න.
මෙම අන්නාසි පානයෙහි අඩංගු අන්නාසි වල ඇති Bromelain බොහෝ විට රුධිර කැටි ගැසීම වලක්වන අතර, කුරුඳු මගින් ශරීරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කරනු ලබයි.එමෙන්ම දෙහි යුෂ ඔබගේ ශරීරය පුරා ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර ඔබගේ බර පාලනයට මග පෙන්වයි.

දෙහි හා ඉඟුරු මිශ්‍ර පානය

Image: Shutterstock

කුඩාවට කපා ගත් ඉඟුරු හොදින් බ්ලෙන්ඩර් කර ගෙන වීදුරුවකට දමා ගන්න. පසුව එයට සීතල වතුර කෝප්ප භාගයක් හා දෙහි යුෂ අවශ්‍ය පදමට එක්කොට හොදින් මිශ්‍ර කර ගන්න.
මෙහි අඩංගු ඉඟුරු බඩේ දැවිල්ලට,ආමාශ රෝග වලට, මෙන්ම හෘද රෝග,ඉරුවාරදය වැලක්වීමට ඔබට උපකාරී වන අතර , දෙහි ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ශරීරයේ බර පාලනය කරනු ලබයි.

චොක්ලට් මිශ්‍ර කෝපි පානය

Image: Shutterstock

චොක්ලට් පවුඩර් හැන්දක් මිශ්‍ර කෝපි කෝප්පයක් පානය කිරීම මගින් ඔබේ බර අඩු කර ගැනීමට ඔබට හැකි වන අතර කෝපි වල අඩංගු කැෆේන් ඔබේ බර අඩු කර ගැනීමට උපකාරී වනවා වගේම චොකලට් සංස්ලේෂණය, ආහාර දිරවීම හා මේද අම්ලය අවශෝෂණය කිරීමට ඔබට වැදගත් වනවා.ඉතින් මෙන්න මේ සියලු ප්‍රති ලාභයන් හේතුවෙන් ඔයාගේ බර අඩු කර ගන්න ඔයාට පුළුවන්.

මින්ට් සහිත කොළ තේ

Image: Shutterstock

මින්ට් කොළ දමා තම්බා පෙරා ගත් මින්ට් වතුර කෝප්පයකට කොළ තේ එක් කොට මිනිත්තු 5ක් පමණ තිබෙන්නට හැර එය පෙරා පානය කරන්න ඔබට හැකියි.
මෙහි අඩංගු මින්ට් ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන බැවින්, සිරුරේ සියලු අසාත්මිකතා දුරලා සාමාන්‍ය සීතලෙන් ඔබව ආරක්ෂා කරනු ලබයි.එමෙන්ම කොළ තේ වල අඩංගු මේද Catechin ඔබගේ බර පාලනයට උපකාරී වේ.

පිපිඤ්ඤා සහිත උළුහාල් පානය

Image: Shutterstock

උළුහාල් මිටක් ගෙන එය උණු වතුරට දමා තම්බා ගන්න. පිපිඤ්ඤා කුඩා කැබලි වලට කපා ගෙන හොදින් බ්ලෙන්ඩර් කර ගෙන වීදුරුවකට දමා ගන්න. දැන් එයට තම්බා පෙරා ගත් උළුහාල් වතුර ටික එක් කර පදමට ලුණු දමා මිශ්‍ර කර ගන්න.
මෙහි අඩංගු උළුහාල් ඔබේ ග්ලුකෝස් මට්ටම පාලනය කර පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරයි. පිපිඤ්ඤා ශරීරයේ විෂ පිට කිරීමට උදවු වන අතර මෙමගින් සෘජුව හෝ වක්‍රව ඔබේ බර අඩු කර ගැනීමට ඔබට හැකියාව ඇත.

පොල්වතුර සහිත මහදුරු අන්නාසි පානය

Image: Shutterstock

බ්ලෙන්ඩර් කර ගත් අන්නාසි යුෂ වලට පොල් වතුර හා මහ දුරු කුඩු ස්වල්පයක් එක් කොට පදමට ලුණු එක් කර පානයට ගත හැකි අතර පොල් වතුර ඔබේ බර අඩු කර ගැනීමට උපකාරී වනවා සේම වකුගඩු ක්‍රියාකාරිත්වයට ද බෙහෙවින් ගුණ දායක වේ. අන්නාසි මගින් ඔබේ ශරීරයේ රුධිරය කැටි ගැසීම වලක්වන අතර මහ දුරු අවශෝෂණ ක්‍රියාවලියට ඔබට විශාල දායකත්වයක් ලබා දෙයි. මෙම පානය ඔබගේ ශරීර බර අඩු කර ගැනීමට ඔබට උපකාරී වේ.

සැල්දිරි සහිත ඇපල් සයිඩ විනාකිරි පානය.

Image: Shutterstock

බ්ලෙන්ඩර් කර ගත් සැල්දිරි යුෂ වීදුරුවකට ඇපල් සයිඩ විනාකිරි තේ හැන්දක් එක් කොට, එයට ගම්මිරිස් ස්වල්පයක් මිශ්‍ර කර සාදා ගන්න.
මෙහි අඩංගු සැල්දිරි ආහාර අවශෝෂණයට ඔබට උපකාරී වන අතර ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමටද ඔබට වැදගත් වේ, එමෙන්ම ඇපල් සයිඩ රුධිර සීනි මට්ටම පාලනය කරන අතර ගම්මිරිස් මේදය පාලනය කර බර අඩු කර ගැනීමට ඔබට උපකාරී වේ.

තක්කාලි

Image: Shutterstock

තක්කාලි බ්ලෙන්ඩර් කර එම තක්කාලි යුෂ වීදුරුවකට දමා ලුණු හා දෙහි යුෂ පදමට දමාගෙන මිශ්‍ර කර පානයට ගන්න. මෙම පානයේ අඩංගු තක්කාලි දියවැඩියාව,අධි රුධිර පීඩනය,තරබාරු බව දුරලීමට ඔබට ප්‍රයෝජන වන අතර, දෙහි ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර බර අඩු කර ගැනීමට ඔබට දායක වේ.

මීපැණි හා දෙහි යුෂ මිශ්‍ර පානය

Image: Shutterstock

දිනපතා උදෑසන වතුර කෝප්පයකට මීපැණි හැන්දක් හා දෙහි යුෂ ස්වල්පයක් එක් කොට පානයට ගන්න. මෙමගින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු වනවා මෙන්ම ඔබේ ශරීරයේ සමබරතාව පවත්වා ගැනීමටත් බර අඩු කර ගැනීමටත් ඔබට හැකියාව ඇත.

බොකුටු ගෝවා සහිත ඇපල් සයිඩ පානය

Image: Shutterstock

වතුර ස්වල්පයක් එක් කොට බොකුටු ගෝවා හොදින් බ්ලෙන්ඩර් කර එය වෙනම පෙරා වීදුරුවකට දමා එයට් ඇපල් සයිඩ තේ හැන්දක් හා ලුණු ස්වල්පයක් එක් කොට හොදින් මිශ්‍ර කර පානයට ගන්න.
මෙම පානය මගින්ද ඔබේ සීනි මට්ටම පාලනය කර තරබාරු බවෙන් ඔබට මිදීමට හැකිය.

තිරිඟු සහිත මිදී පානය

Image: Shutterstock

තිරිඟු හොදින් බ්ලෙන්ඩර් කර එයට වතුර එක් කොට මිදී යුෂ හා ලුණු පදමට එක් කර ගනිමින් හොදින් මිශ්‍ර කර පානයට ගන්න. මෙම පානය ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන අතර රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමටද ඔබට උපකාරී වේ. එමගින් ඔබේ බර අඩු කර ගැනීමේ හැකියාවක් ඇත.

මෝරු සහිත සෝයා කිරි පානය

Image: Shutterstock

මේද රහිත කිරි කෝප්පයකට මෝරු තේ හැන්දක් හා සෝයා හැන්දක් එක් කොට හොදින් මිශ්‍ර කර පානයට ගන්න. මෙහි අඩංගු මෝරු සංඝටක අනුව ඔබේ මාංශ පේශි ශක්තිමත් කිරීමට මෙන්ම හෘද රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමටත් ඔබේ බර අඩු කර ගැනීමටත් මෙය ඔබට සහාය වේ.එමෙන්ම සෝයා දියවැඩියාව පාලනය කරන හෙයින් ඔබේ බර තවත් අඩු කර ගැනීමට ඔබට හැකියාව ඇත.

මේපල් ශිරප් සහිත ලෙමන් යුෂ පානය

Image: Shutterstock

ලෙමන් යුෂ වීදුරුවක් සාදා එයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් හා මේපල් ශිරප් තේ හැදී භාගයක් එක් කොට හොදින් මිශ්‍ර කර පානයට ගන්න.
මෙම පානය මගින් ඔබට බර අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා සේම ආතරයිටිස් වලින්ද ඔබව ආරක්ෂා කිරීමේ විශාල බලයක් ඇත. දියවැඩියාව පාලනයටත්,ප්‍රජනන ආබාධ වලින් වැලකීමටත් මෙම පානය ඔබට ගුණ දායක වේ.

කුරුඳු කුඩු මිශ්‍ර ගස්ලබු පානය

බ්ලෙන්ඩර් කර ගත් ගස්ලබු යුෂ වීදුරුවකට කුරුඳු කුඩු ස්වල්පයක් හා ලුණු පදමට එක් කොට ශීත වතුරින් එම පානය සකස් කොට ගෙන පානය කරන්න.
මෙමගින් ඔබේ බර පාලනය කර ගැනීමට හැකියාවක් ඇති අතර, කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර,මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර ගැනීමේ හැකියාවක් ඔබට ඇත.

Comments

comments

Continue Reading

E Style

කාන්තා ඔබට ප්‍රයෝජනවත් වන පැරණි රූපලාවණ්‍ය රහස්

Published

on

ලස්සන වෙන්න කැමති කාන්තා ඔබට ඔන්න අද අපි කියන්න යන්නේ ඔයාලගේ තරුණ බව වියකෙන්න නොදී රැක ගන්න පුළුවන් පැරැණි රූපලාවන්‍ය රහස් කිහිපයක් ගැන. ඇත්තටම අද වෙළඳ පොලේ තිබෙන සමහර දේවල් පාවිච්චි කරලා තාවකාලික පැහැපත් පෙනුමක් ලබා ගන්න දඟලන ඔබට මේ රහස් ටික නම් ගොඩක් වැදගත් වේවි. සමහර විට මේ දේවල් කියවන් යද්දී ඔයාට හිතෙයි කොහොමද මේ දේවල් පැරැණි රහස් වුනේ කියල. එත් ඉතින් ඇත්තටම අදටත් ඔයාල ඔයාලගේ සුන්දරත්වය රැක ගන්න මේ සමහර දේවල් සිදු කරනවා ඇති. ඇත්තටම තරුණ බව රැක ගන්න නම් මේ දේවල් කාන්තා ඔබට වටිනා.

ඔලිව් තෙල් සත්කාරය

ඔයාල දන්නවද අද වෙළද පොළෙන් ඔයාලා මිලදී අරගෙන භාවිතා කරන ගොඩක් ආලේපන වල අඩංගු ඔබේ සමට ගොඩක්ම හිතකර දෙයක් විදියට ඔලිව් තෙල් හඳුන්වා දෙන්න පුළුවන්.නමුත් වෙළඳපොළ ආලේපන වල අඩංගු කෘතීම සංඝටක වලින් ඔබේ සමට වෙන හානිය මෙහෙමයි කියල කියන්න බැරි වුනත් ඔයාට පුළුවන් සමට,හිසකෙස් වලට, කුරුලෑ ලප කැළැල් වලට ඔලිව් තෙල් පමණක් බය නැතිව පාවිච්චි කරන්න.

ඖෂධ බෙහෙත් ඔරුව හෙවත් බාත් ඔරුව

පුරාණයේ බොහෝ රටවල් වල කාන්තාවන් තම සුන්දරත්වය වැඩි කර ගන්න පැහැපත් සමක් ලබා ගැනීමේ අරමුණින් ඖෂධ වර්ග, මල් වර්ග, තෙල් වර්ග වලින් යුත් සිසිල් හා උණුසුම් ජලයෙන් පිරි ඔරු වල පැය ගණන් බැහැලා ඒවගේ ඖෂධ සත්කාරය තම සිරුරට ලබා ගත්තා.ඉතින් අදටත් ඔයාලට පුළුවන් මේ කියපු දේවල් ඔයාගේ සුන්දරත්වය රැක ගන්න යොදා ගන්න.
උදාහරණයක් විදියට කිව්වොත් කොහොඹ කොළ අරගෙන ලොකු මුට්ටියකට දාල තම්බා ගෙන නාන විටදී අර කොහොඹ කොළ ශරීරයේ හොදින් අතුල්ලා නාන්න ඔයාට පුළුවන්.

තෙරපි

තෙරපි කිව්වම නම් ගොඩක් දෙනා වැරදි විදියට හිතයි. හැබැයි අද වෙද්දී අපේ රටෙත් ගොඩක් ආයුර්වේද සම්බාහාන මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.ඔයාට පුළුවන් මාසෙකට එක් වතාවක් හරි ගිහින් ඔයාගේ ශරීරයට වගේම හිසට අත් පා වලට තෙරපියක් කර ගන්න. ඖෂධීය තෙල් වර්ග යොදා ගනිමින් ඔයාගේ ශරීරයට නහර වල ලේ ගමනයට ඒ වගේම සමේ කාන්තියට යන මේ හැම දේකටම ආයුර්වේද මධ්‍යස්ථාන වල සම්බාහනයන් සිදු කරනවා.

ස්ක්‍රබ්

කාන්තා ඔබ නම් ස්ක්‍රබ් ගැන ගොඩක් හොදට දන්නවා.මොකද අපේ සමහර කාන්තාවන් ගෙදරදීම මුහුණට එක එක විදියේ ස්ක්‍රබ් සිදු කරනවා නෙ. සමහර අය නම් බිත්තර,අලිපේර,සුදු හඳුන්, අමු කහ,කෝමාරිකා වගේ ස්වභාවික දේවල් යොදා ගෙන ගෙදරදීම මුහුණට ස්ක්‍රබ් සිදු කරනවා. ඔව් ඇත්තටම ඒ වගේ ස්වභාවික දේවල් යොදා ගනිමින් ස්ක්‍රබ් එකක් සිදු කිරීම ඔබේ මුහුණේ මරුන සයිල ඉවත් කිරීමට හොද සත්කාරයක්.

රෝස වට්ටෝරු

ඔයාල දැන් බලනවා ඇති මොකද්ද මේ රෝස වට්ටෝරු කියන්නේ කියලා. ඇත්තටම රෝස කියන්නේ කාන්තාවකගේ සම මෘදුව තියන්න පුළුවන් වටිනා ඖෂධයක්. දැන් ඔයාල බලනවා ඇති කොහොමද ඉතින් අපි මේවා හොයා ගන්නේ කියලා නේද. වැඩි දෙයක් කරන්න නෑ. ඔයාගේ ගෙවත්තේ වැවෙන රෝස පාටට හුරු පොකුරු රෝස මල් තියෙනවා නේද. අන්න ඒ රෝස පාට පොකුරු රෝසමල් අරගෙන වීදුරුවකට වතුර ටිකක් වෙන්න දාල අර රෝස මලේ පෙති එකින් එක අර වතුර වීදුරුවට කඩලා දාල ඒ වතුර එක වහලා තියන්න.පහුවදා අර රෝස මල් දාපු වතුර එක අරගෙන හොදින් මුහුණ හා බෙල්ල වටේ රෝස වතුරින් සොදන්නයි ඔයාට තියෙන්නේ.ඇත්තටම මේ දේ සතියකට දෙතුන් වතාවක් වත් කරන්න පුළුවන් නම් ඔයාට දිදුලන පැහැපත් සමක් ලබා ගන්න හැකියාව තියෙනවා.

මී පැණි


© EAST NEWS

දන්නවද මී පැණි කියන්නේ ඉස්සර ඉඳලම අපේ කාන්තාවන් ලස්සන වෙන්න කියල භාවිතා කරපු දෙයක්. මැරුණ සයිල ප්‍රාණවත් කරන්න මී පැණි ගොඩක් ප්‍රයෝජනාවත් වෙනවා. යෝගට් වලට මී පැණි බින්දු කිහිපයක් එකතු කරලා මුහුණේ ආලේප කිරීම මගින් පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්.ඒ වගේම මී පැණි එක්ක කහ මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්නත් ඔයාට පුළුවන්.මේ හැම දෙකින්ම ඔයාගේ සුන්දරත්වය රැක ගන්න ඔයාට පුළුවන්.

හෙනා හා බාස්ම

කාන්තා ඔබට ලැබුණ වටිනාම වස්තුවක් විදියට ඔබේ කොන්ඩේ හදුන්වා දෙන්න පුළුවන්. ඉතින් අද සමාජේ ඉන්න ගොඩක් කාන්තාවන්ගේ කොණ්ඩ පිතට සුදු වෙනවා වගේම හැලි හැලි යනවා.ඉතින් මෙන්න මේ වගේ ඔබේ කොන්ඩේට සිදු වෙන අතුරු ආබාධ වලක්වා ගන්න ඔබට පුළුවන් හෙනා භාවිතා කරන්න. අද වෙළඳ පොලේ තිබෙන බොහෝ හිස කෙස් කළු කරන ආලේපන වලත් අඩංගු වන්නේ හෙනා සංයෝග නිසා ඇත්තටම මෙය ඔබේ හිස කෙස් වර්ධනයට ඔබට උපකාරී වේවි.

බිත්තර සාරය

දැන් අපේ අය නම් කියයි මේ කන්න තියෙන බිත්තරෙන් මොන රූපලාවන්‍ය සත්කාරද කියල.නමුත් ඔබ දන්නවද ඔබ භාවිතා කරන බොහොමයක් ෂැම්පු වල බිත්තර සාරය අඩංගුයි වගේම හිස කෙස් වර්ධනයට හා නීරෝගී කෙස් කළඹක් ලබා ගන්න බිත්තර ඔබට උපකාරී වෙනවා.ඒ වගේම ඔබේ මුහුණේ අදුරු පෙනුම දුරු කර ගන්නත් ඔබට බිත්තර සාරය භාවිතා කරන්න පුළුවන්.

ගෝවා කොළ

© brightside

ඇත්තටම ගෝවා කොළ වලින් කන එක ඇරෙන්න අපිට තියෙන ප්‍රයෝජනේ මොකද්ද. ඔබ දන්නවද ගෝව කොළ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ කිරි දෙන මවුවරුන්ට. එල්ලා වැටෙන පියයුරු වල තරුණ බව රැක ගන්න වගේම තන් පුඩු වලින් හට ගන්න වේදනාව අවම කර ගන්නත් ඔබට ගෝවා කොළ වැදගත්.ඒ වගේම පියයුරු වර්ධනයට පියයුරු මත ගෝව කොළ තබා ගෙන සිටීම මගින් ඔබට සාර්ථක ප්‍රථිපල ලබා ගන්නත් පුළුවන්.

මෝරු

ඔබේ ශරීරයේ ඇති සීරීම්, තුවාල කැළැල් වගේම එළවලු කපද්දී,කොළ ලියද්දි ඇගිලි වල සිදු වෙන සීරීම්, පැලීම් වගේ කැළැල් මකා ගන්න ඔබට මෝරු ප්‍රයෝජන වෙනවා. ඒ වගේම කකුල් වල තියෙන කොරල ප්‍රශ්නෙටත් මෝරු හොද සත්කාරයක්.

දෙහි යුෂ

දෙහි කියන්නේ විෂබීජ නාශකයක් කියල ඔබ අප සැවොම දන්නවා.ඉතින් ඔබේ සමේ මරුන සයිල ඉවත් කරන්න දෙහි යුෂ ඔබට ගොඩක් උපකාරී වෙනවා. විටමින් C බහුල දෙහි යුෂ උණු වතුරට එක් කොට ස්නානය කරන්නත් ඔබට පුළුවන්. කුරුලෑ හට ගන්න එක අවම කරන්නත් දෙහි වලට හැකියාව තියෙනවා.

Comments

comments

Continue Reading

Health & Beauty

ඔබ පානය කරන කෝපි පිළිබඳ ඔබ නොදත් කරුණු

Published

on

තේ වලට අමතරව අපි බොහොමයක් දෙනා පානය කරන පානයන් අතර කෝපි කියන්නේ මිනිසාගේ ශරීර සෞඛ්‍යයට මෙන්ම නීරෝගී ජීවිතයට අගුණ දෙයක් නම් නෙවෙයි. දිනකට අවම වශයෙන් කෝපි කෝප්පයක් වත් පානය කිරීම මගින් නීරෝගී සෞඛ්‍යයක් පවත්වා ගන්න ඔබට පුළුවන් කියල ඔබ කවදා හෝ අසා තිබුනද?

මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි

සනීපාරක්ෂාව හා සාන්ද්‍රණය නිසාවෙන් කෝපි පිළිබඳ වැඩි අවදානයක් යොමු වී ඇති අතර
කෝපි වල අඩංගු කැපේන් සහ ග්ලූකෝස් ඔබේ මොලයේ සමහර අංගයන් සක්‍රීය කරන
අතරම කිසි සෙත් හිස් බඩ කෝපි පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර බවත් ඔබ
මතකයේ තබා ගත යුතුයි.

රුධිර පීඩනය

කෝපි පානය මගින් ඔබේ රුධිර පීඩනය අඩු කරනවා වගේම අධි රුධිර පීඩනය සහිත රෝගීන් හට කෝපි කෝප්පයක් ලබා දීමෙන් පසු එම අධි රුධිර පීඩන තත්වය මග හරවා ගන්නත් අපිට හැකියාව තියෙනවා.ටාක්චාර්ෂියා නම් වූ රෝගයෙන් පෙලෙන පුද්ගලයින් හට මෙන්ම හෘද රෝගයෙන් පෙලෙන රෝගීන් හට වැඩි විවේකයක් අවශ්‍ය නිසාම ඔවුන්ට කෝපි ලබා දීම සීමා කර තිබෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි

ඔබ දන්නවාද කෝපි වලට පුළුවන් ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්න. බොහෝ රට වල විද්‍යාඥයින් පවසන පරිදි ලෙඩ රෝග මැඩලීමේ බලයක් කෝපි වලට තියෙනවා.ඒ නිසාම වඩා ශක්තිමත් හා සෞඛ්‍යය සම්පන්න නීරෝගී ජීවිතයක් උදා කර ගන්න කෝපි ඔබට, ඔබේ ශරීරයට බොහෝම උපකාරී වෙනවා. අක්මාව පිරිසිදු කරන්න වගේම හෘදයේ ක්රියාකාරිත්වයටත් කෝපි ඔබට ගුණ දායක පානයක්.ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයටත් නැවුම් කෝපි ලොකු මෙහෙයක් සිදු කරනවා. නමුත් ක්ෂණික කෝපි පානයන් ඔබේ ආහාර ජීර්ණ අවයව වලට හානි පමුණුවන නිසා ඔබ කෝපි පානයට ගන්නා විට නිතර නැවුම් කෝපි කුඩු භාවිතා කරන්න .

හිසරදය සඳහා සුව කිරීම

ඒ වගේම තමයි ස්වාභාවික කෝපි වල අඩංගු කැෆේන් වේදනා නාශකයක් කියල ඔබ මීට ප්‍රථම දැනන් සිටියද.ඔබට ඇති වන හිසරදය හා ඉරුවාරදය සුවපත් කරන්නත් මේ කෝපි වල අඩංගු කැෆේන් ඔබට මනා පිටිවහලක් වන බව නම් නිසැකයි. ඔබේ ශරීරයේ සියලුම සංරචක වල කාර්යක්ෂමතාව 40%කින් වැඩි කරන්න කෝපි ඔබට වැදගත් පානයක්.

මානසික පීඩනය

මානසික අවපීඩන තත්වයන් මඟ හරවා ගන්න වගේම ඔබේ ස්නායු වල ප්‍රති ආතතිය අවම කරන්නත් කෝපි වලට හැකියාව තියෙනවා.කෝපි තුල අඩංගු කැෆේන් ඔබේ මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්ව උත්තේජකයක් ලෙස ක්‍රියා කරන අතර ඉන් ඔබේ මනසට ඇති වන අවපීඩනය දුරලයි.
හොඳ මතකයක්

ඔබේ මනෝභාවයට හා පලදායිතාවය වැඩි දියුණු කරන කෝපි ඔබගේ මතකය පවා වැඩි දියුණු කර ගැනීමට ඔබට උපකාරී වෙ. ඔබේ ශරීර බර අඩු කර ගැනීමටත් අත්තිරික්ක බර පාලනය කර ගැනීමටත් ඔබට කෝපි පානය කළ හැකිය.

බර අඩු කර ගැනීමට

Comments

comments

Continue Reading

E Style

වයස 50ක් වෙලාත් මේ අය තරුණ බව බව පවත්වා ගන්න රහස් වට්ටෝරුව

Published

on

වයස 50ක් උනාම ගොඩක් අය හිතන්නේ දැන් තරුණ බව පවත්වා ගන්න බැ කියලා.දැන් ඔබට ගෙදර හදාගත හැකි හා ස්වභාවික පිළියම් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත සහ ඵලදායී ලෙස භාවිතා කළ හැකිය.

අද අප ඔබ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මෙම ස්වාභාවික පිරිපුන් ඔබේ රැලි සැඟවී ඇති අතර තද පැහැති ලප ඉවත් කරනු ඇත. ඉතින්, ඔබ තරුණ හා වඩා ලස්සන පෙනෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය

ලවෙන්ඩර් තෙල් (1 බින්දුවක්)
මීපැණි (½.)
බේකින් සෝඩා (1 තේ හැදි.)

සාදන ආකාරය

සියලු ද්‍රව්‍ය එකට මිශ්‍ර කරන්න. දැන් විනාඩියක් පමණ ඔබේ මුහුණේ හොදින් සිහින්ව අයදුම් කරන්න. දැන් විනාඩි 5 ක් විතර තියලා ඔබේ මුහුණ පිරිසිදු කර ගන්න ටිකක් උණුසුම් ජලයෙන් ඔබේ මුහුණ සෝදා ගන්න.

වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියකට 1-2 සතියක් භාවිතා කරන්න. ඔබේ සම පුදුමයට පත් වනු ඇත.

මේ වට්ටෝරුව දැනට පාවිච්චි කරපු වයස 40/57 අතර අයගේ ප්‍රතිඵල පහතින්

49 හැවිරිදි මසාකෝ මසුතානි

පැමලා ජේකබ්ස් වයස අවුරුදු 54 යි

57 හැවිරිදි රීටා රූස්සි

A post shared by Rita Rusic (@ritarusic) on

Comments

comments

Continue Reading

Trending

Copyright © 2017 E Online Sri Lanka.