Connect with us

E Style

නිරෝගී දිගු කෙස් කලඹක් ලබා ගන්න ගෙදරදීම කරන්න පුළුවන් දේවල්

Published

on

හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී සහ දිගට තියා ගන්නට උත්සාහ කරනවා. ඔබට සතියකටත් අඩු කාලයකින් දැනට තිබෙන කොණ්ඩය ඉතා හොඳ තත්ත්වයකට පත්කර ගන්න කැමති නම් ඒ සදහා නිවසේදීම කරගන්න පුලුවන් අපූරු ක්‍රමවේද කිහිපයක් අපි පහතින් ගෙන එනු ලබනවා. කාන්තාවට පමණක් නෙවෙයි පිරිමි අයටත් මේවා අත්හදා බලලා තමන්ගේ කොණ්ඩය ලස්සනට හදා ගන්නට අවස්ථාව තියෙනවා.

රෝස වතුර භාවිතය

Image via suitcasemag.com

සමේ පැහැපත් බවට වගේම හිස කෙස් නීරෝගිව තබා ගන්නටත් රෝස වතුරෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්. රෝස පෙති මඳ උණු වතුර ටික වෙලාවක් තියලා ඒ වතුර අරගෙන ෂැම්පු එක්ක කවලම් කරලා ස්නානය කිරීමෙන් හිසකෙස් සුමුදු සහ දිලිසෙන සුළු බවක් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කන්ඩිෂනර් එකක් විධියට රෝස වතුර පාවිච්චි කිරීමෙන් හිසකෙස් වලට දීප්තිමත් බවක් සහ මනා සුවඳක් ලබාගන්නට හැකියාව ලැබෙනවා. ඩැමේජ් වෙච්ච හිසකෙස්වලට බේතක් විධියට රෝස වතුර කෝප්පයකට විටමින් ඊ සහ ජොජෝබා තෙල් බිංදු කිහිපයක් එකතු කරලා හොඳින් කවලම් කරලා තෙත කොණ්ඩයෙන් සිටියදී ගල්වා මසාජ් කර විනාඩි දහයක් විතර ඉඳලා සෝදා හරින්න පුළුවන්.

අල තලපය

නමේ හැටියට මේක මේ වැලි තලප, කුරහන් තලප වගේ කන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිසකෙස් වර්ධනය කර ගන්නට හොඳ ප්‍රතිකාර ක්‍රමයක් විතරයි. සුදු ලූනු වලට අකමැති අයට මෙය වඩාත් හොඳින් ගැලපෙනවා. අල ගෙඩි දෙකක් විතර තම්බලා අරගෙන ඒවායේ පොත්ත ඉවත් කරලා හොඳින් තළා ගන්න. ඊට පස්සේ මේ තලපයක් වගේ ආලේපය හිසකෙස් වල හොඳින් ගල්වන්න. හිසකෙස් මූලයේත් ඉතා හොඳින් ගෑවෙන සේ ආලේප කරන්නට අමතක කරන්න එපා.පැයක් විතර මෙහෙම ඉඳලා සෝදා හරින්න.

කෝමාරිකා ප්‍රතිකාරය

Image via pinterest.com

කොහොමහරි කකියන්නේ සියවස් ගණනක සිට ම හිසකෙස් වර්ධනය සඳහා ලොව විවිධ රටවල භාවිතා වන ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක්. මෙය හරහා හිසකෙස්වල වියළි ස්වභාවය නැතිකර දිලිසෙන සුළු තෙත් සහිත බවක් ලබා දෙන්නට හැකියාව ලැබෙනවා. කෝමාරිකා යුෂ වෙන්කරගෙන දෙහි යුෂ දමා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හරින්න. ඉන් අනතුරුව සුළු ප්‍රමාණවලින් පොල්තෙල් සහ පොල්කිරි මිශ්‍ර කර හිසේ ආලේප කරන්න. කෝමාරිකා යුෂ දිනපතා පානය කිරීමෙන් ද හිසකෙස් වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ශරීරයට ලබා ගන්නටද පුළුවන්.

සුදුළූණු ආලේපය

Image via healthandbeautylifestyle.com

කේශ කලාපය හොඳින් වර්ධනය කරගන්නට සුදුළූණු ආලේප කිරීමෙන් පුළුවන්. පොඩ්ඩක් ගඳ උහුලගෙන ඉන්න වුණාට ඒ ගත කරන කටුක කාලයෙන් නම් හැබැයි පාඩුවක් වෙන්නේ නැහැ. සුදුළුනු සිහින් කැබලි වලට කපා ගෙන ජලය ටිකක් එක් කර blender කරලා හෝ කොටලා තලපයක් විදියට සකසාගෙන හිසේ සහ හිස කෙස්වල ආලේප කරලා සම්බාහනය කළා ම සුසිනිඳු කෙස් කළඹක් වගේම වර්ධන වේගයත් වැඩි කරගන්නට හැකියාව ලැබෙනවා.

අලිගැටපේර තෙල් ආලේපනය

අපි වැඩිපුර අලිගැටපෙර කන්නට සහ මුහුණේ ගානට පාවිච්චි කරත් ඒවායේ තෙල් ආලේප කිරීමෙන් හිසකෙස් වලට අවශ්‍ය විටමින් ඒ, ඊ සහ ඩී ලබාගත හැකි බව ඔබ දැන සිටියාද? අලිගැටපේරවල ප්‍රදාහ වැළැක්වුම් ගුණය නිසා කැසීම් නිසා හිසෙහි ඇති වූ සීරීම් වැනි දේවල් පවා මෙම ආලේපනය හරහා ඉතා ඉක්මණින් සුව කරගන්නට ද හැකියාව ලැබෙනවා.

අලිගැට පේර ගෙඩි 12ක් පමණ ගෙන ඒවායේ මදය සූරා ජලය ස්වල්පයක් සමඟ blender කරගෙන තලපය අඳුරු පැහැ වන තෙක් මඳ රස්නයේ පිසගන්න. පිස ගන්නා අතරතුරේ නිරතුරුව හැන්දකින් කවලම් කරමින් සෑම කොටසක් ම එක සේ අවපැහැ වන තෙක් සහ ජලය සම්පූර්ණයෙන් වාශ්පවී යන තෙක් සකසා ගන්න. ඉන් පසුව වෙනත් භාජනයකට වෙන්කර ගෙන නිවෙන්නට තබා රෙදි කඩකට අරගෙන එය භාවිතා කරමින් තෙල් නිස්සාරණය කරගන්න.මෙම තෙල් හිසෙහි ගලා පැයක් පමණ තබා සෝදා හරින්න. ඔබට අවශ්‍ය නම් මෙය කන්ඩිශනර් එකක් ලෙසද භාවිතා කරන්නට පුළුවන්.

පොල් තෙල්වලට උළුහාල් එක් කරන්න

ඔබ හිසේ පොල්තෙල් ආලේප කරනවා නම් එයට උළුහාල් එක් කිරීමෙන් එය වඩාත් පෝෂ්‍යදායී කරගන්නට පුළුවන්. බටහිර විද්‍යාව මේවා හොයා ගන්නටත් පෙර තමයි අපේ මුතුන් මිත්තන් පොල් තෙල් හිස ගැල්වීමේදී උළුහාල්නුත් ඊට එක්කර ගත්තේ. ඔබ පොල්තෙල් වලට අකමැති නම් උළුහාල් ඇට කුඩුකර ජලයට මිශ්‍රකර හිසේ ආලේප කිරීමෙන්ද හිසකෙස් වර්ධන වේගය වැඩි කරගන්නට හැකියාව තිබෙනවා. මේ සඳහා උළුහාල් ඉතා ස්වල්ප ප්‍රමාණයක් තිබීම හොඳටම ප්‍රමාණවත්.

හිසකෙස් වලට කිරි පෝෂණය ලබා දෙන්න

හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය හොඳින් ම ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි කිරි කියන්නේ. කිරි පිටතින් ආලේප කිරීමෙන් තමයි ඉතා වේගයෙන් හොඳ ප්‍රතිපල ලබාගන්නට හැකියාව තිබෙන්නේ. මේ සඳහා යෝගට් සමඟ බිත්තරයක් මිශ්‍ර කරලා හිසෙහි විනාඩි විස්සක් පමණ ආලේප කර තිබෙන සෝදා හරින්නට පුළුවන්. ඒ වගේම එයට මී පැණි හෝ ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර ගන්නට හැකි නම් ඔබට දීප්තිමත් හිස කෙස් කලඹක් ලබා ගන්නට පුළුවන්. මෙය සතියකට සති දෙකකට වරක් පමණ කිරීමෙන් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලැබේවි.

දවසකට දෙවරක් හිස පීරන් නෑනෝ

දවසට දෙපාරක් දත් මදිනවා වගේ කොන්ඩේ පීරන්න අමතක කරන්න එපා අපිට නිතර සම්බාහනයන් හිසට ලබාදීමට හැකියාව නොමැති නිසා ඉතා පහසුවෙන්ම ලේ ගමනාගමනය සකසා ගන්නට හැකි ක්‍රමයක් තමයි දිනකට දෙවරක්වත් විනාඩි දෙකක් විතර හොඳින් හිසට දැනෙන සේ හිස පීරන එක.නමුත් මෙසේ කිරීමේදී ඉතා මෘදුව කරන්නටත් අමතක කරන්න එපා; මොකද, නැත්නම් දැනට තිබෙන කෙස් ගස් ටිකත් ඔබට අහිමි වෙලා යාවි.

ආහාර වේල ඉතාම වැදගත්

හිස කෙස් සඳහා අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට මෙන්ම අහිතකර ආහාර වලින් වැළකී සිටීමෙන් ආහාර පාලනයද හොඳ කෙස් කළඹක් සඳහා වැදගත් වෙනවා. විටමින් A, B, C, සහ E, සින්ක්, යකඩ, මැග්නීසියම්, තඹ, සහ සෙලීනියම් බහුල ආහාර තමයි අපි මෙහිදී තෝරාගත යුත්තේ. කිරි, ඕට්ස්, යෝගට්, චීස්, බිත්තර, කුකුළු මස්, නිවිති, සැමන්, ගෝවා, අලිගැටපේර මේ සඳහා සුදුසුයි. පාන වර්ග වශයෙන් දොඩම්, කැරට්, බීට්, සලාද යුෂ බොන්න පුළුවන් නම් වඩාත් අගෙයි.

තඹරු විජේසේකර

Comments

comments

Continue Reading

E Style

මී පැණි වලින් ගෙදරදීම හිසකෙස් සහ සම නීරෝගිමත් කරගන්නට රහස් රැසක්

Published

on

මී පැණි කියන්නේ ඉතා පහසුවෙන්ම සොයාගත හැකි අමුද්‍රව්‍යයක්. මී පැණි වගේම තවත් නිවසේම සොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරලා ඔබේ හිසකෙස් සහ සම නිරෝගීමත් සහ දීප්තිමත් කර ගන්නට පුළුවන් බව ඔබ දැනගෙන සිටියාද?

කුරුලෑවලට

කුරුලෑ නැති කරගන්න හොඳම ක්‍රමය තමයි නිතර මුහුණ සෝදලා පිරිසිදුව තියාගන්න එක. මේ සඳහා ඔබට හොඳ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මිනරල් ඔයිල් තියෙන කෘත්‍රීම ආලේපන නම් භාවිතයෙන් වැළකෙන්න ඕන. ගෙදරදීම හදාගන්න පුළුවන් ස්වාභාවික ආලේපයක් විධියට මීපැණි මේස හැන්දකට දෙහි ගෙඩි බාගයක් විතර මිරිකලා දාලා මුහුණේ ආලේප කරලා විනාඩි 20ක් විතර ඉඳලා සෝදලා දාන්න. මේක සතියකට සැරයක් විතර කරන්න පුළුවන් නම් වඩාත් ගුණදායී වෙනවා.

ඔබ නිතර මානසික ආතතියෙන් වගේ ඉන්නවා නම් කුරුලෑ ඇතිවෙන්න තියෙන බලපෑම බොහොම වැඩියි. ඒ නිසා හැමවිටම හිත සතුටින් ඉන්න බලන්න. ලංකාවේ කෑම රටාවත් එක්ක නම් කුරුලෑවලට කෑම නිසා වැඩි බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. හැබැයි ඔබ නිතර චොක්ලට් කනවා නම් එය ටික කාලෙකට නවත්වා ගන්න වෙනවා. කැරට්, නිවිති, ගෝවා, පිපිඤ්ඤා, බිත්තර, හතු, මුහුදු ආහාර ඔබේ කෑම වේලට එකතු කරගත්තොත් එයින් කුරුලෑ නසන්නට හොඳ පිටිවහලක් ලැබෙනවා.

ඇස් යට කළුවීම සඳහා

අපේ ඇස යට තිබෙන තුනී සම සතුව ඊට යටින් තිබෙන රුධිර නාල වහගන්නට තරම් ප්‍රමාණවත් මේද ප්‍රමාණයක් නැහැ. මේ නිසා මෙලනින් වර්ණකය නිසා ඇතිවන කළු පැහැය බාහිරට දිස් වෙනවා. මෙයට බොහෝ වශයෙන් ජානමය හේතු සාධක එක් විය හැකි නිසා ඔබට ඇතැම්විට සම්පූර්ණයෙන්ම ඉන් මිදෙන්නට හැකියාව ලැබනෙ එකක් නැහැ. කොහොම නමුත්, මී පැණි මේස හැන්දක්, පිපිඤ්ඤා යුෂ මේස හැන්දක්, අල යුෂ මේස හැන්දක් එකට එකතු කරලා සකසා ගත් මිශ්‍රණය ඔබට සතියකට දෙවරක් පමණ ඇස් යට කළුවූ ස්ථානවල ගල්වා විනාඩි 20ක් විතර තියලා සෝදා හරින්නට පුළුවන් නම් කෙටි කාලයකින්ම ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකි වේවි.

ඔබට හොඳින් නින්ද නොලැබෙනවා නම් සහ නිතර මානසික ආතතියෙන් පෙළෙනවා නම් ඇස් යට කළුවීම් ඇතිවෙලා නැවතත් ඒකටත් මානසික ආතතිය ඇති කරගන්නට සිද්ධ වෙනවා. මේ තත්ත්ව නිසා ශරීරයේ කෝටිසෝල් ප්‍රමාණය ඉහළ යාමෙන්, හිරු එළියට හසුවීම නිසා සමට හානි සිදුවීමෙන් සහ ආසාදන තත්ත්ව නිසා හිස්ටැමීන් ස්‍රාවය වීමෙන් මේ ඇස් යට කළුවීම සිද්ධ වෙනවා.

සම වියළි නම්

ඔබේ සමේ ගැලවී යන ස්වභාවයක් තිබෙනවා නම් සම නිතර තෙත් සහිත බව රැකගැනීම වැදගත්. ඒ සඳහා හොඳින් ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වගේම ආලේපයක් වශයෙන් මී පැණි මේස හැඳි දෙකකට කිරි මේස හැඳි දෙකක් එකතු කරලා මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. මෙය පිරිසිදු රෙදි කඩකින් අරගනිමින් මුහුණේ ආලේප කරන්න. ඊට පස්සේ විනාඩි 10ක් විතර තියෙන්නට හැරලා සෝදා හරින්න. මේ ආලේපය නිසා සමට අවශ්‍ය විටමින් ලබාගන්නට පුළුවන් නිසා සමේ ඇදෙන සුළු බව වැඩි කරලා රැලි ස්වභාවය අඩු කරමින් පිරිපුන් බවක් ලබා දෙන්නට එයට හැකියාව තිබෙනවා.

ඒ වගේම වියළි සම ඉවත් කරන්නට ස්ක්‍රබ් එකක් වශයෙන් මී පැණි එක්ක ඕට් කැබලි කළවම් කරලා පාවිච්චි කළ හැකියි.

සුසිනිඳු නාදළු දෙතොලකට

දෙතොල කියන්නේ කාන්තාවකට තමන්ගේ පෙනුම වැඩි කරගන්න අවශ්‍ය නම් ඉතාම හොඳින් නඩත්තු කළ යුතු දෙයක්. දෙතොල රළු වුණාම ලිප්ස්ටික් ආලේප කළාම රළු බව කැපී පෙනෙන අතර සමානව ආලේප කරගන්නටත් වැඩි කාලයක් ගත කරන්නට සිද්ධ වෙනවා. අධික වියළි බව නිසා තොලේ සම ඉවත් වන්නට පටන් ගත්තොත් තොල මත ඒවාද පෙනෙන්නට පටන් ගන්නා අතර ඒවා අතින් ඉවත් කළාම දරාගන්න බැරි වේදනාවකුත් ඇති වේවි. ඊට පස්සේ කන්න බොන්නත් අමාරු වෙනවා. ඉතින් මේ හැමදේම නැති කරගන්නට නම් තොලේ සම ගැන හොඳින් සැලකිලිමත් විය යුතු වෙනවා.

තොල සුසිනිඳු කරගන්නට මී පැණි එක්ක සීනි සහ ඔලිව් තෙල් මිශ්‍ර කර තොල්වල ආලේප කරන ගමන් ඇඟිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරන්න. මෙය දවස් තුනකට වරක් වගේ කළාම සමේ තෙත් සහිත බව පවත්වා ගනිමින් වඩාත් සිනිඳු බවක් කෙටි කාලයකින්ම ලබා ගන්නට පුළුවන්. මේ තුන වෙනුවට අවශ්‍ය නම් දුඹුරු සීනි, මී පැණි සහ ළදරුවන් සඳහා භාවිත කරන ක්‍රීම් වර්ගයක් කළවම් කරගන්නට පුළුවන්. නමුත් එය ශරීරගත වන්නට ඉඩ දෙන්න එපා.

ඝනකම් සහ දිලිසෙන කෙස් කළඹකට

කාන්තාවකට තමන්ගේ කෙස් කළඹ තරම් වැදගත් දෙයක් තවත් නැහැ. දණහිස දක්වාම දිග කෙස් කළඹක් කියන්නේ ඕනම කෙනෙක්ගේ ඇස යන දෙයක්. හැබැයි කොච්චර දිග වුණත් ඒක පොල් කොස්සක් වගේ වුණොත් නම් හිමාලය කන්ද නැගලා මරියානා ආගාධයට වැටුණා වගේ තමයි ‘ආශා ප්‍රස්ථාරය’ අඳින්න වෙන්නේ. ඉතින් හිසකේවලට පෝෂණය සහ දිලිසෙන බව සමඟ ඝනකම් බව ලබාගන්නට ඔබට පහත ආලේපන පාවිච්චි කරන්න පුළුවන්.

මී පැණි එක්ක බිත්තර කහමදය සමාන ප්‍රමාණවලින් කලවම් කරලා හිස කෙස්වල හොඳින් ආලේප කරලා විනාඩි 30ක් විතර තියලා සෝදලා හරින්න. බිත්තර ටිකක් ගඳයි වගේ නම් සහ වෙජිටේරියන් අදහස් හිස්කබලට යටින් තිබෙනවා නම් මී පැණිත් එක්ක ඔලිව් තෙල් 2:1 අනුපාතයෙන් මිශ්‍ර කරගන්න පුළුවන්. මෙය සතියකට සැරයක් වගේ කිරීමෙන් ඔබේ හිසකෙස්වල දීප්තිමත් ස්වභාවයක් ඇති වේවි. ඝනකම් බව ඇති කරගන්නට නම් මීපැණි මේස හැන්දක් පොල්තෙල් මේස හැඳි දෙකක් එක්ක කලවම් කරලා කෙසෙල් ගෙඩි දෙකක් හොඳින් පොඩි කරලා එයට එකතු කරගන්න. මෙය හිසකේවල හොඳින් සමාන ප්‍රමාණවලින් ගල්වා පැය බාගයකට විතර පස්සේ ෂැම්පු වලින් සෝදා හරින්න.

කොණ්ඩෙ යනවාට

මේ කාලයේ කොණ්ඩේ යන එක බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක්. කාර්යබහුලවීමත් එක්ක මානසික ආතතිය වැඩිවීම සහ නිතර අව්වේ සිටීම, හිස්හොරි හෝ වැරදි සෞඛ්‍ය පුරුදු ආදිය නිසා හිසකෙස් ගැලවී යාම වැඩිවී තිබෙනවා. මේ සඳහා මී පැණි එක්ක සමාන ප්‍රමාණවලින් මීකිරි හෝ ලෙමන් යුෂ කලවම් කරලා හිස ගල්වලා ඇඟිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරන්නට පුළුවන් නම් හිසකෙස් වැඩීම වර්ධනය කරගන්න පුළුවන්. ඔබේ හිසේ හිස්හොරි ගතියක් තිබෙනවා නම් ස්වාභාවික ආලේපයක් විධියට සාමාන ප්‍රමාණ වලින් මී පැණි එක්ක කලවම් කරපු ළූණු යුෂ පාවිච්චි කරන්න පුළුවන්. ළූණු හීනියට ලියලා තලලා අරගෙන හෝ වතුර ස්වල්පයක් එක්ක බ්ලෙන්ඩර් කරලා ළූණු යුෂ හදාගන්න පුළුවන්. මේක ටිකක් ගඳ වුණාට හොඳ ප්‍රතිඵල ලබා දෙනවා.

තඹරු විජේසේකර

Comments

comments

Continue Reading

E Style

කාන්තා ඔබට ප්‍රයෝජනවත් වන පැරණි රූපලාවණ්‍ය රහස්

Published

on

ලස්සන වෙන්න කැමති කාන්තා ඔබට ඔන්න අද අපි කියන්න යන්නේ ඔයාලගේ තරුණ බව වියකෙන්න නොදී රැක ගන්න පුළුවන් පැරැණි රූපලාවන්‍ය රහස් කිහිපයක් ගැන. ඇත්තටම අද වෙළඳ පොලේ තිබෙන සමහර දේවල් පාවිච්චි කරලා තාවකාලික පැහැපත් පෙනුමක් ලබා ගන්න දඟලන ඔබට මේ රහස් ටික නම් ගොඩක් වැදගත් වේවි. සමහර විට මේ දේවල් කියවන් යද්දී ඔයාට හිතෙයි කොහොමද මේ දේවල් පැරැණි රහස් වුනේ කියල. එත් ඉතින් ඇත්තටම අදටත් ඔයාල ඔයාලගේ සුන්දරත්වය රැක ගන්න මේ සමහර දේවල් සිදු කරනවා ඇති. ඇත්තටම තරුණ බව රැක ගන්න නම් මේ දේවල් කාන්තා ඔබට වටිනා.

ඔලිව් තෙල් සත්කාරය

ඔයාල දන්නවද අද වෙළද පොළෙන් ඔයාලා මිලදී අරගෙන භාවිතා කරන ගොඩක් ආලේපන වල අඩංගු ඔබේ සමට ගොඩක්ම හිතකර දෙයක් විදියට ඔලිව් තෙල් හඳුන්වා දෙන්න පුළුවන්.නමුත් වෙළඳපොළ ආලේපන වල අඩංගු කෘතීම සංඝටක වලින් ඔබේ සමට වෙන හානිය මෙහෙමයි කියල කියන්න බැරි වුනත් ඔයාට පුළුවන් සමට,හිසකෙස් වලට, කුරුලෑ ලප කැළැල් වලට ඔලිව් තෙල් පමණක් බය නැතිව පාවිච්චි කරන්න.

ඖෂධ බෙහෙත් ඔරුව හෙවත් බාත් ඔරුව

පුරාණයේ බොහෝ රටවල් වල කාන්තාවන් තම සුන්දරත්වය වැඩි කර ගන්න පැහැපත් සමක් ලබා ගැනීමේ අරමුණින් ඖෂධ වර්ග, මල් වර්ග, තෙල් වර්ග වලින් යුත් සිසිල් හා උණුසුම් ජලයෙන් පිරි ඔරු වල පැය ගණන් බැහැලා ඒවගේ ඖෂධ සත්කාරය තම සිරුරට ලබා ගත්තා.ඉතින් අදටත් ඔයාලට පුළුවන් මේ කියපු දේවල් ඔයාගේ සුන්දරත්වය රැක ගන්න යොදා ගන්න.
උදාහරණයක් විදියට කිව්වොත් කොහොඹ කොළ අරගෙන ලොකු මුට්ටියකට දාල තම්බා ගෙන නාන විටදී අර කොහොඹ කොළ ශරීරයේ හොදින් අතුල්ලා නාන්න ඔයාට පුළුවන්.

තෙරපි

තෙරපි කිව්වම නම් ගොඩක් දෙනා වැරදි විදියට හිතයි. හැබැයි අද වෙද්දී අපේ රටෙත් ගොඩක් ආයුර්වේද සම්බාහාන මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.ඔයාට පුළුවන් මාසෙකට එක් වතාවක් හරි ගිහින් ඔයාගේ ශරීරයට වගේම හිසට අත් පා වලට තෙරපියක් කර ගන්න. ඖෂධීය තෙල් වර්ග යොදා ගනිමින් ඔයාගේ ශරීරයට නහර වල ලේ ගමනයට ඒ වගේම සමේ කාන්තියට යන මේ හැම දේකටම ආයුර්වේද මධ්‍යස්ථාන වල සම්බාහනයන් සිදු කරනවා.

ස්ක්‍රබ්

කාන්තා ඔබ නම් ස්ක්‍රබ් ගැන ගොඩක් හොදට දන්නවා.මොකද අපේ සමහර කාන්තාවන් ගෙදරදීම මුහුණට එක එක විදියේ ස්ක්‍රබ් සිදු කරනවා නෙ. සමහර අය නම් බිත්තර,අලිපේර,සුදු හඳුන්, අමු කහ,කෝමාරිකා වගේ ස්වභාවික දේවල් යොදා ගෙන ගෙදරදීම මුහුණට ස්ක්‍රබ් සිදු කරනවා. ඔව් ඇත්තටම ඒ වගේ ස්වභාවික දේවල් යොදා ගනිමින් ස්ක්‍රබ් එකක් සිදු කිරීම ඔබේ මුහුණේ මරුන සයිල ඉවත් කිරීමට හොද සත්කාරයක්.

රෝස වට්ටෝරු

ඔයාල දැන් බලනවා ඇති මොකද්ද මේ රෝස වට්ටෝරු කියන්නේ කියලා. ඇත්තටම රෝස කියන්නේ කාන්තාවකගේ සම මෘදුව තියන්න පුළුවන් වටිනා ඖෂධයක්. දැන් ඔයාල බලනවා ඇති කොහොමද ඉතින් අපි මේවා හොයා ගන්නේ කියලා නේද. වැඩි දෙයක් කරන්න නෑ. ඔයාගේ ගෙවත්තේ වැවෙන රෝස පාටට හුරු පොකුරු රෝස මල් තියෙනවා නේද. අන්න ඒ රෝස පාට පොකුරු රෝසමල් අරගෙන වීදුරුවකට වතුර ටිකක් වෙන්න දාල අර රෝස මලේ පෙති එකින් එක අර වතුර වීදුරුවට කඩලා දාල ඒ වතුර එක වහලා තියන්න.පහුවදා අර රෝස මල් දාපු වතුර එක අරගෙන හොදින් මුහුණ හා බෙල්ල වටේ රෝස වතුරින් සොදන්නයි ඔයාට තියෙන්නේ.ඇත්තටම මේ දේ සතියකට දෙතුන් වතාවක් වත් කරන්න පුළුවන් නම් ඔයාට දිදුලන පැහැපත් සමක් ලබා ගන්න හැකියාව තියෙනවා.

මී පැණි


© EAST NEWS

දන්නවද මී පැණි කියන්නේ ඉස්සර ඉඳලම අපේ කාන්තාවන් ලස්සන වෙන්න කියල භාවිතා කරපු දෙයක්. මැරුණ සයිල ප්‍රාණවත් කරන්න මී පැණි ගොඩක් ප්‍රයෝජනාවත් වෙනවා. යෝගට් වලට මී පැණි බින්දු කිහිපයක් එකතු කරලා මුහුණේ ආලේප කිරීම මගින් පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්.ඒ වගේම මී පැණි එක්ක කහ මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්නත් ඔයාට පුළුවන්.මේ හැම දෙකින්ම ඔයාගේ සුන්දරත්වය රැක ගන්න ඔයාට පුළුවන්.

හෙනා හා බාස්ම

කාන්තා ඔබට ලැබුණ වටිනාම වස්තුවක් විදියට ඔබේ කොන්ඩේ හදුන්වා දෙන්න පුළුවන්. ඉතින් අද සමාජේ ඉන්න ගොඩක් කාන්තාවන්ගේ කොණ්ඩ පිතට සුදු වෙනවා වගේම හැලි හැලි යනවා.ඉතින් මෙන්න මේ වගේ ඔබේ කොන්ඩේට සිදු වෙන අතුරු ආබාධ වලක්වා ගන්න ඔබට පුළුවන් හෙනා භාවිතා කරන්න. අද වෙළඳ පොලේ තිබෙන බොහෝ හිස කෙස් කළු කරන ආලේපන වලත් අඩංගු වන්නේ හෙනා සංයෝග නිසා ඇත්තටම මෙය ඔබේ හිස කෙස් වර්ධනයට ඔබට උපකාරී වේවි.

බිත්තර සාරය

දැන් අපේ අය නම් කියයි මේ කන්න තියෙන බිත්තරෙන් මොන රූපලාවන්‍ය සත්කාරද කියල.නමුත් ඔබ දන්නවද ඔබ භාවිතා කරන බොහොමයක් ෂැම්පු වල බිත්තර සාරය අඩංගුයි වගේම හිස කෙස් වර්ධනයට හා නීරෝගී කෙස් කළඹක් ලබා ගන්න බිත්තර ඔබට උපකාරී වෙනවා.ඒ වගේම ඔබේ මුහුණේ අදුරු පෙනුම දුරු කර ගන්නත් ඔබට බිත්තර සාරය භාවිතා කරන්න පුළුවන්.

ගෝවා කොළ

© brightside

ඇත්තටම ගෝවා කොළ වලින් කන එක ඇරෙන්න අපිට තියෙන ප්‍රයෝජනේ මොකද්ද. ඔබ දන්නවද ගෝව කොළ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ කිරි දෙන මවුවරුන්ට. එල්ලා වැටෙන පියයුරු වල තරුණ බව රැක ගන්න වගේම තන් පුඩු වලින් හට ගන්න වේදනාව අවම කර ගන්නත් ඔබට ගෝවා කොළ වැදගත්.ඒ වගේම පියයුරු වර්ධනයට පියයුරු මත ගෝව කොළ තබා ගෙන සිටීම මගින් ඔබට සාර්ථක ප්‍රථිපල ලබා ගන්නත් පුළුවන්.

මෝරු

ඔබේ ශරීරයේ ඇති සීරීම්, තුවාල කැළැල් වගේම එළවලු කපද්දී,කොළ ලියද්දි ඇගිලි වල සිදු වෙන සීරීම්, පැලීම් වගේ කැළැල් මකා ගන්න ඔබට මෝරු ප්‍රයෝජන වෙනවා. ඒ වගේම කකුල් වල තියෙන කොරල ප්‍රශ්නෙටත් මෝරු හොද සත්කාරයක්.

දෙහි යුෂ

දෙහි කියන්නේ විෂබීජ නාශකයක් කියල ඔබ අප සැවොම දන්නවා.ඉතින් ඔබේ සමේ මරුන සයිල ඉවත් කරන්න දෙහි යුෂ ඔබට ගොඩක් උපකාරී වෙනවා. විටමින් C බහුල දෙහි යුෂ උණු වතුරට එක් කොට ස්නානය කරන්නත් ඔබට පුළුවන්. කුරුලෑ හට ගන්න එක අවම කරන්නත් දෙහි වලට හැකියාව තියෙනවා.

Comments

comments

Continue Reading

E Style

මේකප් නැතුව හැඩවෙන්න සරළ ක්‍රම 10ක්

Published

on

ඇත්තටම තරුණියකට, කාන්තාවකට සුන්දරත්වය කියන්නේ නම් ආභරණයක්. ඇඳුමෙන් පැලඳුමෙන් වගේම මේකප් එහෙකින් ගැහැණියකගේ සුන්දරත්වය මනින්න බෑ. පිටට පේන්න කොච්චර ලස්සන වුනත් තමන්ට උපතින්ම ලැබුණ සමහර දායාද ඒ විදියට රැක ගැනීම තුලින් ඔයාගේ ලස්සන තවත් වැඩි කර ගන්න ඔයාට පුළුවන්. විවිධ ආලේපන වර්ග වලට සම පැහැපත් කර ගත්තත් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් නොවුනොත් නම් ඔයා බලාපොරොත්තු වෙන සුන්දරත්වය රදා ගන්න නම් ටිකක් අමාරු වෙයි.
ඉතින් තරුණියක් විදියට ඔයාගේ සුන්දරත්වය රැක ගන්න අද ඉඳලම මෙන්න මේ කියන දේවල් ගැනත් ඔයා වැඩිපුර අවදානයක් දෙන්න ඕන.

01. පරිපූර්ණ ඇහි බැම

ඇස් දෙකත් එක්කම ඕන කෙනෙක්ගේ බැල්ම යොමු වෙන එක් අංගයක් තමයි ඇහි බැම කියන්නේ.ඉතින් කාන්තාවකගේ සුන්දරත්වය රදා පවතින ඒ අංගය ඕනෑම කාන්තාවකගේ මුහුණේ හැඩය හා පෙනුම තවත් ලස්සන කරන්න බොහෝ සෙයින් වැදගත් වෙනවා.ඉතින් ඔබ ඔබේ ඇහි බැම සකස් කිරීමේදී ඔබේ මුහුණට තවත් ආලෝකයක් එක් වෙන විදියට ඇහි බැම සකසා ගන්නත් අමතක කරන්න එපා. ඝනව වැඩුන ඇහි බැම ඔබේ මුහුණට වෙනම සුන්දරත්වයක් එක් කරාවි.ඉතින් ඝන ඇහි බැමි වලට හිමිකම් නොකියන ඔයාටත් පුළුවන් කැස්ටර් තෙල් හා විටමින් A භාවිතා කර ඝන ඇහි බැම යුගලකට හිමිකම් කියන්න.

02. ඔබගේ දෑස් ගැන අවධානය දෙන්න

අපි ඉහත සඳහන් කරා වගේම ඕනෑම කාන්තාවකගේ මුහුණේ ලස්සන වැඩි කරන බැලූ බැල්මටම ඕන කෙනෙක්ගේ හිත ඇදී යන්නේ ඇස් දෙකට. ඉතින් අපේ පමණක් කාන්තාවන් නම් මුණ ගැන හිතුවත් ඇස් දෙක ගැන නම් හිතන්නේ ටිකක් අඩුවෙන්. ඇත්තටම ඔබේ ඇස් වටා පවතින අඳුරු ස්වභාවය ඔබේ සුන්දරත්වයට හානි කරන්න පුළුවන්.ඉතින් මෙන්න මේ ඇස් වටා වූ අඳුරු පෙනුම දුරු කර ගන්න ඔයාට රෙනිනොල් සහිත ඇක්ෂන් ක්‍රීම් එකක් භාවිතා කරන්න පුළුවන්.

03. සුදුවන් දත් දෙපළක්

කාන්තාවකට හිනාව කියන්නේ මුණේ ලස්සන වගේම හොඳ ආභරණයක්. ඉතින් කට ඇරලා කෙනෙක් එක්ක හිනා වෙන්න නම් අපේ දත් ටික ලස්සනට සුදුවට තියා ගන්න ඕන. මුණ විතරක් සුදු වෙලා ලස්සන වුනාට වැඩක් නෑ කට ඇතුලේ තියෙන දත් ටික ලස්සනට නැත්නම්. ඉතින් දවසට දෙපාරක් දත් මදින එක පුරුද්දක් කර ගන්නවා වගේම පැණි රස ජාති කෑවට පස්සේ කෝපි, වයින් වගේ දේවල් පානය කරාට පස්සෙත් දත් මදින්න අමතක කරන්න එපා.

04. ඔබේ දෙතොල් අමතක කරන්නත් එපා

කාන්තාවකට දෙතොල් කියන්නේ සරාගය පිරුන අංගයක්. අපේ සමහර කාන්තාවන් නම් තමන්ගේ දෙතොල් අඳුරුයි කියල එක එක ආලේපන වර්ග භාවිතා කරනවා.ඔයාලා දන්නවද ඔය එක එක ආලේපන වර්ග කවලමේ භාවිතා කිරීමෙන් යම් යම් ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන් කියල.ඒ නිසා දෙතොල් හැඩ කර ගන්න දෙතොල් ආලේපන භාවිතා කරනවා නම් ඔයාගේ සමට හරියටම හරියන ආලේපන වර්ගයක් තොරා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ දෙතොල් මෘදුව ඇඟිලි තුඩු හෝ මෘදු බුරුසුවක් යොදා පිරිමැදීම තුලින්ද පැහැපත් දෙතොලක් උරුම කර ගන්න ඔබටත් පුළුවන්.

05. ඔබේ හිසකෙස්

කාන්තාවකට තම කෙස් කළඹ කියන්නේ ඇත්තටම සුන්දරත්වයේ වටිනාම තිළිණය.පලිඳු නොවුන දීප්තිමත් දිගුවන් කෙස් වැටියක් ඕනෑම කාන්තාවකගේ සිහිනයක්.ඉතින් සුන්දරත්වය ගැන හිතන කාන්තා ඔබ වැඩිපුරම සැලකිලිමත් විය යුතු තවත් එක් දෙයක් තමයි ඔබේ කෙස් කළඹ.ඔබ නාන විටදී වුනත් ඔබේ හිසට ගැලපෙන එක ෂැම්පු වර්ගයක්ම දිගටම භාවිතා කරන්න අමතක කරන්නත් එපා.ඒ වගේම තමයි ඕනෑම කෙනෙක්ගේ කොන්ඩේ වර්ධනයට හා අග පැලීමට , වියලි බවට මෙන්න වෙනත් හැම ගැටළුවකටම හොඳම බෙහෙත පොල් තෙල්.ඉතින් මුහුණේ සුන්දරත්වය වගේම දිදුලන කෙස් කළඹක් උරුම කර ගන්නත් ඔබත් ඔබේ කෙස් කලඹට වැඩි අවදානයක් ලබා දෙන්න අමතක කරන්න එපා.

06. සන් ක්‍රීම් භාවිතය

පාර ජම්බුල කිරණ ඔබගේ තරුණ සම රැලි වැටුන වයසක සමක් බවට පත් කරයි. එහිදි එයින් මිදීමට සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න. නමුත් සන් ක්‍රීම් භාවිතා කල යුතු වන්නේ තද හිරු රශ්මිය සහිත වටපිටාවක ගැවසෙනවා නම් පමණක් බව මතක තබා ගන්න.

07. ඔබේ සම

කාන්තාවකගේ වගේම පුරුෂ පාර්ශවයෙත් සුන්දරත්වය රැක දෙන ප්‍රධානතම අංග ලක්ෂණයක් තමයි සම කියන්නේ. ඔබ දැකල තියෙනවද සමහර උදවියගේ සම රැලි වැටිලා, විජලනය වෙලා බලන්නත් කැතයි නේද? ඉතින් අන්න එහෙම වෙන්නේ ඔයාගේ ශරීරෙට අවශ්‍ය මේදය වගේම නිසි ජල පරිමාව නොලබුනාම.ඒ වගේම තමයි අපේ සමහර උදවිය සම රැලි වැටීම වලක්වා ගන්න කියල එක එක මාදිලියේ ක්‍රීම් වර්ගත් භාවිතා කරනවා. ඒ අතර සන් ක්‍රීම් ප්‍රධාන තැනක් ගන්නවා. හැබැයි මතක තියා ගන්න මේ සන් ක්‍රීම් වලටත් ඔයාගේ සම රැලි වැටෙනවා. ඔයා සන් ක්‍රීම් භාවිතා කරන්න ඕන තද හිරු රශ්මියක් පවතින වටපිටාවක සැරි සරනවානම් විතරයි. ඔයාගේ සම බැක්ටීරියා වලින් වගේම එක එක සමේ රෝග වලින් ආරක්ෂා කර ගන්නත් වෙන්නේ ඔයාටම තමයි.ඉතින් සම ආරක්ෂා කර ගන්න දිනපතාම නාන්න,ඇග සෝදන්න ඔයාට පුළුවන්. ඔයාගේ සුන්දරත්වය රදා පවතින මුලිකම සාධකය වන සම පිළිබඳ වැඩි අවධානයක් ඔන්න එපාර ඉඳලා නම් දෙන්න සිදු වෙයි.

08. නින්ද

ඇත්තටම ඔයාලා බලනවා ඇති නේද අපේ සුන්දරත්වයට නින්ද සාධකයක් වෙන්නේ කොහොමද කියලා. මෙච්චර වෙලා කථා කරපු දේවල් වලට වඩා වෙනස්ම දෙයක් අපේ ලස්සන රැක ගන්න අපට වැදගත් වෙන්නේ කොහොමද ? දන්නවද අපි ලස්සනට ඉන්න නම් අපේ මනස පිරිසිදු වෙන්න ඕන වගේම අපේ මතකයත් හොදින්ම පවතින්න ඕන. අපි නීරෝගීව හිටියොත් විතරයි අපිට අපේ ලස්සන ගැන හිතන්න පුළුවන් වෙන්නේ. පමණක් අය කියනව නේද “ අනේ මගේ ඇස් යට කළු වෙලා, කොන්ඩේ යනවා, දැන් දැන් හමත් රැලි වැටිලා “ කියලා. ඇත්තටම මෙන්න මේ දේවල් සේරටම ප්‍රධාන වුන හේතුව නින්ද කියල මම කිවුවොත් ඔයා විශ්වාස කරනවද. අපි ඕනෑම කෙනෙක්ට පැය හතක හෝ නවයක පුර්ණ නින්දක් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි. රාත්‍රී 11 න් පසුව නින්දට යාමේදී අපේ ලස්සනට මුලික වෙන යම් හෝමෝනයක් අපේ ශරීරයේ නිපදවෙනවා.ඉතින් ඔන්න එලිවෙනකන්ම online ඉඳන් නිදි වරණ ඔයාට මේක හොඳ point එකක් වේවි.

09. ආහාර

න්ද වගේම අපේ සුන්දරත්වයට බලපාන තවත් හේතු සාධකයක් තමයි අහාර කියන්නේ.අපේ පමණක් කාන්තා උදවිය නම් උයන්න පිහින්න ගියත් කිසිම දෙයක් ගැන හිතන්නේ නැ කාලා ඕන නේද අහවි සේරම කරන්න. එක දවසක කෑම වේලට ඔයා කොයි තරම් නම් දේවල් හදනවා ඇතිද නේද. එත් ඔබ දන්නවද ඔබේ සුන්දරත්වයට ආහාර වල බලපෑම කොයිතරම් නම් බලපානවද කියලා. කාලා කාලා මහත් වුනාම නම් තේරේවි. ඒ වගේම තෙල් ජාති කාල කුරුලෑ දාන කොටත් මතක් වෙයි. ඉතින් එහෙනම් ආහාර ලබා ගනිද්දීත් ටිකක් ප්‍රවේශමෙන් ආහාර ලබා ගන්න. පලතුරු,පලා වර්ග,එළවලු වර්ග වැඩි වැඩියෙන් ලබා ගෙන තෙල් බැදුම් වලින් ටිකක් ඈත් වුනොත් හොඳයි නේද.

10. ඇඳුම් පැළදුම්

කාන්තාවකගේ සුන්දරත්වය දිහා බලද්දී ඒ කෙනා අදින පළදින විදිය ගොඩක් වැදගත් වෙනවා.ඉතින් තමන්ගේ උසට මහතට ගැලපෙන විදියට වගේම තමන්ගේ සමේ පාටට ගැලපෙන විදියට ඇඳුම් පැළදුම් තෝරා ගැනීම තුලින් ඔයාගේ සුන්දරත්වය වැඩි කර ගන්න ඔයාට පුළුවන්. ඔයා අඳින ඇඳුමට අනුව එයට ගැලපෙන ආභරණ පැලදීම තුලින් ඔයාගේ සුන්දරත්වය ඉස්මතු වෙලා පෙනේවි. ඒ වගේම තමයි ඇඳුමේ පාටට ගැලපෙන විදියට ඔයාගේ සමට මැච් වෙන්න නිය ආලේපන,තොල් ආලේපන භාවිතා කරන්නත් අමතක කරන්න එපා.

Preview photo credit instagram

Comments

comments

Continue Reading

Trending

Copyright © 2017 E Online Sri Lanka.