Connect with us

News

බදු රුපියල් ලක්ෂ 10කින් අඩුවූ 2018 ජනවාරියේ සිට ලංකාවට එන අලුත්ම නිසාන් Leaf 2018 මෝටර් රථය

Published

on

2017 ඔක්තෝබර් 2 දින සිට මිලදී ගැනීම් සඳහා ජපාන වෙළඳපල වෙත නිකුත් කරන මෙම මෝටර් රථය 2018 ජනවාරි මස සිට ඇමරිකා, කැනඩා සහ යුරෝපා රට වලට යැවීමට නියමිතය. 2017 සැප්තැම්බර් 6 වැනි දින ජපාන වෙළඳපල වෙත එළිදැක්වූ මෙම මෝටර් රථය සම්මත තත්වයන් මත කිලෝමීටර් 400 ධාවන කාලයකින් යුක්ත වන අතර ඉලෙක්ට්‍රික් මොටරයේ උපරිම බලය 110 kw වේ. උපරිම ව්‍යාවර්තය 320 Nm වන අතර සාමාන්‍ය ආරෝපණය කිරීමකදී 3 kw මගින් ආරෝපණය කිරීමට පැය 16 ගත වන අතර 6 kw මගින් ආරෝපණය කිරීමට පැය 8 ගතවේ. අධි ආරෝපණය එසේත් නැතහොත් ඉක්මන් ආරෝපණය කිරීම විනාඩි 40 කදී සිදු කල හැක. ලිතියම් අයන් බැටරිය (Li-ion battery) 40Kwh ධාරිතාවයකින් යුක්ත වේ. පෙර මාදිලිය මෙන්ම ජංගම දුරකථනය මගින් රථයේ තත්වයන් නිරීක්ෂණය කල හැකි අතර පෙර මාදිලියට වඩා වැඩි පහසුකම්ද අන්තර්ගතව ඇත.

Pro Pilot

theverge

ප්‍රෝ පයිලට් (Pro Pilot) පද්ධතිය මගින් තනි මන්තීරුවක් සහිත මාර්ගයක ස්වයංක්‍රීය ධාවනය සහ අවශ්‍ය ස්ථානයක ස්වයංක්‍රීයව ගාල් කිරීමට (Parking) හැකියාව ඇත. මෙහිදී ඇක්සලරේටර ය බ්රේක්, සුක්කානම සහ නැවතුම් තිරිංග ද පාලනය වේ.

e – Pedal

ඊ පැඩල් තාක්ෂණය තුලින් එක් පැඩල් එකක් භාවිතා කරමින් වේගය වැඩි කිරීම අඩු කිරීම සහ අවශ්‍ය නම් රථය නැවත්වීමද කල හැක. මෙහිදී සිදු වන්නේ ඇක්සලරේටරය පාගන විට වේගය වැඩි වීමත් අත හරින විට බ්රේක් වීමත් වන අතර ඇක්සලරේටරය මතින් සම්පූර්ණයෙම්ම පය ඉවතට ගැනීමෙන් මෝටර් රථය නවතා ගැනීමටද හැකියාව ඇත.

Intelligent Lane intervention

ලෙන් ඉන්ටර්වෙන්ෂන් තාක්ෂණය මගින් නොදැනුවත්ව සිදුවන මාර්ගයේ ඉරි මතින් ධාවනය වීම එසේත් නැතහොත් නොදැනුවත්ව අනෙක් මන්තීරුවට ඇතුළු වීම ස්වයංක්‍රීයව හඳුනා ගෙන එය රියදුරුට දැන්වීමත් අවශ්‍ය අවස්ථා වලදී රියදුරුගේ අනුදැනුමකිකින් තොරව වුවද බ්‍රේක් පාලනය කිරීම මගින් සුළු හැරවීම් සිදු කිරීමටද හැකිය.

Blind Spot Warning

බ්ලයින්ඩ් ස්පොට් හෙවත් රූපයේ දැක්වෙන ලෙස පැති කන්නාඩි වලින් සහ ඇතුලත මධ්‍යයේ පිහිටි පිටුපස බලන කන්නාඩියෙන් නොපෙනෙන කොටසට වෙනත් මෝටර් රථයක් පැමිණි විට එය හඳුනා ගෙන රියදුරුට දැන්වීම සිදු කරනු ලබයි.

Rear Cross Traffic Alert / Around view Monitor

රථයේ සෑම පැත්තක්ම ආවරණය වන පරිදි කැමරා සවිකර ඇති අතර රූපයේ පෙනෙන පරිදි සිය රථයේ ගැටීමට එන වෙනත් මෝටර් රථ ඇතුළු වෙනත් වස්තුන් පිළිබඳව රියදුරුට අනතුරු හඟවයි.

Comments

comments

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

News

ලක්ෂ පහකට මිලදී ගත හැකි නවතම නැනෝ මෝටර් රථය දැන් වෙළඳපොළේ

Published

on

ඔබ අපි වගේ මධ්‍යම පාන්තික ජනයාට නම් අළුත්ම මෝටර් රථයක් කියන්නෙ සැබවින්ම හීනයක් වගේ. අද වෙළඳපොළේ තිබෙන මෝටර් රථ වල මිල ගණන් ඇහුවම නම් ඉහ මොළ රත් වෙනවා. හැබැයි ඔන්න අපි අපේ මධ්‍යම පාන්තික ජනයාටත් දැන් අපේම කියලා නවතම මාදිලියේ මෝටර් රථයක් ගන්න අවස්ථාව ලැබිල තියෙනවා.
ඔන්න ඉතින් අද අපි කියන්න යන්නෙ ලක්ෂ පහක් වැනි අඩු මිලකට ගන්න පුළුවන් අළුත්ම නැනෝ මෝටර් රථයක් ගැන. මේ වන විට ඉන්දියාව පුරාම හදුන්වා දී ඇති මෙම නවතම මාදිලියේ අළුත් නැනෝ මෝටර් රථය තව කෙටි කාලයකින් ලංකාවෙ අපිටත් මිලදී ගන්න පුළුවන් වෙයි.

මෙම මෝටර් රථයේ මිල ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක් බවයි දැක්වෙන්නේ.

මෝටර් රථයේ උපාංග පහතින්.

Electric power steering
Air Conditioner
Front Power Windows
Central Locking with Remote
12V Power Socket
Bluetooth
AUX-in
Multi-Information Display
Metallic Paint Options

Comments

comments

Continue Reading

Celebrity News

රටවල් 92ක සුන්දර යුවතියන් අතරින් අවසන් 16 දෙනා අතරට පැමිණි ලංකාවේ රූ රැජින

Published

on

66වන වරටත් පැවැත්වූ විශ්ව රූ රැජින තරඟය පසුගිය දිනකදී ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වුන අතර එහිදී රටවල් 92ක සුන්දර යුවතියන් අතරින් අවසන් 16 දෙනා අතරට පැමිණිමට අපේ රටේ යුවතියකටත් අවස්ථාව උදා වුනා. ඇත්තටම ලංකාවේ අපේ නම ජාත්‍යන්තරයට අරගෙන ගිය මේ සුන්දර යුවතිය කවුරුන්ද ? මේ ඇය ගැනයි.

නමින් ක්‍රිස්ටිනා පීරිස් වන 23 හැවිරිදි ලාංකීය සුරූපී තරුණිය මෙවර 66 වන විශ්ව රූ රැජින තරඟයේ රටවල් 92ක් අතරින් සුරූපිනියන්ගෙන් අවසන් 16 දෙනා අතරට තේරී පත් වී ඇත. රත්මලාන ප්‍රදේශයේ හැදී වැඩුණු ක්‍රිස්ටිනා බම්බලපිටිය ශුද්ධ වූ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලබා සිය මෑණියන්ගේ වියෝවෙන් පසු අබුඩාවි රාජ්‍යයේ පදිංචිය සඳහා පිටත්ව ගොස් ඇත. වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වන ක්‍රිස්ටිනා පීරිස් මෙවර විශ්ව රූ රැජින තරඟාවලියේදි ලාංකීය අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගිය සුන්දර යුවතියයි.

මෙවර විශ්ව රූ රැජින තරඟාවලියේදි රටවල් 92ක සුරූපිනියන් අතරින් අවසන් 16ට තේරී පත් වූ ලාංකීය රූ රැජින ක්‍රිස්ටිනා පීරිස්ට EONLINE.LK අපගේ සුභ පැතුම්…!

A post shared by Christina Peiris (@love.plate) on

A post shared by Christina Peiris (@love.plate) on

A post shared by Christina Peiris (@love.plate) on

A post shared by Christina Peiris (@love.plate) on

Comments

comments

Continue Reading

News

2017 වසරේ හොඳම ස්වභාවික ජායාරූප අතරින් ශ්‍රී ලංකාවේ තරුණයෙක් ප්‍රථම ස්ථානය දිනා ගනී

Published

on

ලොව පුරා විසිරී සිටින ජායාරූප ශිල්පීන්ගේ 26000කට අධික නිර්මාණ අතුරින් ශ්‍රී ලංකාවේ ලක්ෂිත කරුණාරත්න තරුණ ජායාරූප ශිල්පියාගේ ” අප්‍රිකානු සිංහයින්” නැමැති ජායාරූපය 2017 වසරේ ස්වභාවික ජායාරූප අතරින් ප්‍රථම ස්ථානයට පත්ව ඇත. එමෙන්ම එම ජායාරූපය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හී පිහිටි ” ස්මිත් සොනියන් ” කෞතුකාගාරයේ මෙම මස 24 දින සිට 2018 වසරේ සැප්තැම්බර් මස දක්වා මහජනතාවට දැක බලා ගැනීම සඳහා එහි ප්‍රදර්ශනය කරනු ලබයි. 2017 වසරේ හොඳම ස්වභාවික ජායාරූප ලෙස තේරී පත් වූ එම ජායාරූප පෙළ පහත ලින්ක් එක ඔස්සේ ඔබටත් බලා ගන්න පුළුවන්. Link: https://spark.adobe.com/page/DqHhED0Y04Bc8/

 

Comments

comments

Continue Reading

Trending

Copyright © 2017 E Online Sri Lanka.