Connect with us

E Style

කාන්තා ඔබට ප්‍රයෝජනවත් වන පැරණි රූපලාවණ්‍ය රහස්

Published

on

ලස්සන වෙන්න කැමති කාන්තා ඔබට ඔන්න අද අපි කියන්න යන්නේ ඔයාලගේ තරුණ බව වියකෙන්න නොදී රැක ගන්න පුළුවන් පැරැණි රූපලාවන්‍ය රහස් කිහිපයක් ගැන. ඇත්තටම අද වෙළඳ පොලේ තිබෙන සමහර දේවල් පාවිච්චි කරලා තාවකාලික පැහැපත් පෙනුමක් ලබා ගන්න දඟලන ඔබට මේ රහස් ටික නම් ගොඩක් වැදගත් වේවි. සමහර විට මේ දේවල් කියවන් යද්දී ඔයාට හිතෙයි කොහොමද මේ දේවල් පැරැණි රහස් වුනේ කියල. එත් ඉතින් ඇත්තටම අදටත් ඔයාල ඔයාලගේ සුන්දරත්වය රැක ගන්න මේ සමහර දේවල් සිදු කරනවා ඇති. ඇත්තටම තරුණ බව රැක ගන්න නම් මේ දේවල් කාන්තා ඔබට වටිනා.

ඔලිව් තෙල් සත්කාරය

ඔයාල දන්නවද අද වෙළද පොළෙන් ඔයාලා මිලදී අරගෙන භාවිතා කරන ගොඩක් ආලේපන වල අඩංගු ඔබේ සමට ගොඩක්ම හිතකර දෙයක් විදියට ඔලිව් තෙල් හඳුන්වා දෙන්න පුළුවන්.නමුත් වෙළඳපොළ ආලේපන වල අඩංගු කෘතීම සංඝටක වලින් ඔබේ සමට වෙන හානිය මෙහෙමයි කියල කියන්න බැරි වුනත් ඔයාට පුළුවන් සමට,හිසකෙස් වලට, කුරුලෑ ලප කැළැල් වලට ඔලිව් තෙල් පමණක් බය නැතිව පාවිච්චි කරන්න.

ඖෂධ බෙහෙත් ඔරුව හෙවත් බාත් ඔරුව

පුරාණයේ බොහෝ රටවල් වල කාන්තාවන් තම සුන්දරත්වය වැඩි කර ගන්න පැහැපත් සමක් ලබා ගැනීමේ අරමුණින් ඖෂධ වර්ග, මල් වර්ග, තෙල් වර්ග වලින් යුත් සිසිල් හා උණුසුම් ජලයෙන් පිරි ඔරු වල පැය ගණන් බැහැලා ඒවගේ ඖෂධ සත්කාරය තම සිරුරට ලබා ගත්තා.ඉතින් අදටත් ඔයාලට පුළුවන් මේ කියපු දේවල් ඔයාගේ සුන්දරත්වය රැක ගන්න යොදා ගන්න.
උදාහරණයක් විදියට කිව්වොත් කොහොඹ කොළ අරගෙන ලොකු මුට්ටියකට දාල තම්බා ගෙන නාන විටදී අර කොහොඹ කොළ ශරීරයේ හොදින් අතුල්ලා නාන්න ඔයාට පුළුවන්.

තෙරපි

තෙරපි කිව්වම නම් ගොඩක් දෙනා වැරදි විදියට හිතයි. හැබැයි අද වෙද්දී අපේ රටෙත් ගොඩක් ආයුර්වේද සම්බාහාන මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.ඔයාට පුළුවන් මාසෙකට එක් වතාවක් හරි ගිහින් ඔයාගේ ශරීරයට වගේම හිසට අත් පා වලට තෙරපියක් කර ගන්න. ඖෂධීය තෙල් වර්ග යොදා ගනිමින් ඔයාගේ ශරීරයට නහර වල ලේ ගමනයට ඒ වගේම සමේ කාන්තියට යන මේ හැම දේකටම ආයුර්වේද මධ්‍යස්ථාන වල සම්බාහනයන් සිදු කරනවා.

ස්ක්‍රබ්

කාන්තා ඔබ නම් ස්ක්‍රබ් ගැන ගොඩක් හොදට දන්නවා.මොකද අපේ සමහර කාන්තාවන් ගෙදරදීම මුහුණට එක එක විදියේ ස්ක්‍රබ් සිදු කරනවා නෙ. සමහර අය නම් බිත්තර,අලිපේර,සුදු හඳුන්, අමු කහ,කෝමාරිකා වගේ ස්වභාවික දේවල් යොදා ගෙන ගෙදරදීම මුහුණට ස්ක්‍රබ් සිදු කරනවා. ඔව් ඇත්තටම ඒ වගේ ස්වභාවික දේවල් යොදා ගනිමින් ස්ක්‍රබ් එකක් සිදු කිරීම ඔබේ මුහුණේ මරුන සයිල ඉවත් කිරීමට හොද සත්කාරයක්.

රෝස වට්ටෝරු

ඔයාල දැන් බලනවා ඇති මොකද්ද මේ රෝස වට්ටෝරු කියන්නේ කියලා. ඇත්තටම රෝස කියන්නේ කාන්තාවකගේ සම මෘදුව තියන්න පුළුවන් වටිනා ඖෂධයක්. දැන් ඔයාල බලනවා ඇති කොහොමද ඉතින් අපි මේවා හොයා ගන්නේ කියලා නේද. වැඩි දෙයක් කරන්න නෑ. ඔයාගේ ගෙවත්තේ වැවෙන රෝස පාටට හුරු පොකුරු රෝස මල් තියෙනවා නේද. අන්න ඒ රෝස පාට පොකුරු රෝසමල් අරගෙන වීදුරුවකට වතුර ටිකක් වෙන්න දාල අර රෝස මලේ පෙති එකින් එක අර වතුර වීදුරුවට කඩලා දාල ඒ වතුර එක වහලා තියන්න.පහුවදා අර රෝස මල් දාපු වතුර එක අරගෙන හොදින් මුහුණ හා බෙල්ල වටේ රෝස වතුරින් සොදන්නයි ඔයාට තියෙන්නේ.ඇත්තටම මේ දේ සතියකට දෙතුන් වතාවක් වත් කරන්න පුළුවන් නම් ඔයාට දිදුලන පැහැපත් සමක් ලබා ගන්න හැකියාව තියෙනවා.

මී පැණි


© EAST NEWS

දන්නවද මී පැණි කියන්නේ ඉස්සර ඉඳලම අපේ කාන්තාවන් ලස්සන වෙන්න කියල භාවිතා කරපු දෙයක්. මැරුණ සයිල ප්‍රාණවත් කරන්න මී පැණි ගොඩක් ප්‍රයෝජනාවත් වෙනවා. යෝගට් වලට මී පැණි බින්දු කිහිපයක් එකතු කරලා මුහුණේ ආලේප කිරීම මගින් පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්.ඒ වගේම මී පැණි එක්ක කහ මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්නත් ඔයාට පුළුවන්.මේ හැම දෙකින්ම ඔයාගේ සුන්දරත්වය රැක ගන්න ඔයාට පුළුවන්.

හෙනා හා බාස්ම

කාන්තා ඔබට ලැබුණ වටිනාම වස්තුවක් විදියට ඔබේ කොන්ඩේ හදුන්වා දෙන්න පුළුවන්. ඉතින් අද සමාජේ ඉන්න ගොඩක් කාන්තාවන්ගේ කොණ්ඩ පිතට සුදු වෙනවා වගේම හැලි හැලි යනවා.ඉතින් මෙන්න මේ වගේ ඔබේ කොන්ඩේට සිදු වෙන අතුරු ආබාධ වලක්වා ගන්න ඔබට පුළුවන් හෙනා භාවිතා කරන්න. අද වෙළඳ පොලේ තිබෙන බොහෝ හිස කෙස් කළු කරන ආලේපන වලත් අඩංගු වන්නේ හෙනා සංයෝග නිසා ඇත්තටම මෙය ඔබේ හිස කෙස් වර්ධනයට ඔබට උපකාරී වේවි.

බිත්තර සාරය

දැන් අපේ අය නම් කියයි මේ කන්න තියෙන බිත්තරෙන් මොන රූපලාවන්‍ය සත්කාරද කියල.නමුත් ඔබ දන්නවද ඔබ භාවිතා කරන බොහොමයක් ෂැම්පු වල බිත්තර සාරය අඩංගුයි වගේම හිස කෙස් වර්ධනයට හා නීරෝගී කෙස් කළඹක් ලබා ගන්න බිත්තර ඔබට උපකාරී වෙනවා.ඒ වගේම ඔබේ මුහුණේ අදුරු පෙනුම දුරු කර ගන්නත් ඔබට බිත්තර සාරය භාවිතා කරන්න පුළුවන්.

ගෝවා කොළ

© brightside

ඇත්තටම ගෝවා කොළ වලින් කන එක ඇරෙන්න අපිට තියෙන ප්‍රයෝජනේ මොකද්ද. ඔබ දන්නවද ගෝව කොළ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ කිරි දෙන මවුවරුන්ට. එල්ලා වැටෙන පියයුරු වල තරුණ බව රැක ගන්න වගේම තන් පුඩු වලින් හට ගන්න වේදනාව අවම කර ගන්නත් ඔබට ගෝවා කොළ වැදගත්.ඒ වගේම පියයුරු වර්ධනයට පියයුරු මත ගෝව කොළ තබා ගෙන සිටීම මගින් ඔබට සාර්ථක ප්‍රථිපල ලබා ගන්නත් පුළුවන්.

මෝරු

ඔබේ ශරීරයේ ඇති සීරීම්, තුවාල කැළැල් වගේම එළවලු කපද්දී,කොළ ලියද්දි ඇගිලි වල සිදු වෙන සීරීම්, පැලීම් වගේ කැළැල් මකා ගන්න ඔබට මෝරු ප්‍රයෝජන වෙනවා. ඒ වගේම කකුල් වල තියෙන කොරල ප්‍රශ්නෙටත් මෝරු හොද සත්කාරයක්.

දෙහි යුෂ

දෙහි කියන්නේ විෂබීජ නාශකයක් කියල ඔබ අප සැවොම දන්නවා.ඉතින් ඔබේ සමේ මරුන සයිල ඉවත් කරන්න දෙහි යුෂ ඔබට ගොඩක් උපකාරී වෙනවා. විටමින් C බහුල දෙහි යුෂ උණු වතුරට එක් කොට ස්නානය කරන්නත් ඔබට පුළුවන්. කුරුලෑ හට ගන්න එක අවම කරන්නත් දෙහි වලට හැකියාව තියෙනවා.

Comments

comments

Continue Reading

E Style

මී පැණි වලින් ගෙදරදීම හිසකෙස් සහ සම නීරෝගිමත් කරගන්නට රහස් රැසක්

Published

on

මී පැණි කියන්නේ ඉතා පහසුවෙන්ම සොයාගත හැකි අමුද්‍රව්‍යයක්. මී පැණි වගේම තවත් නිවසේම සොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරලා ඔබේ හිසකෙස් සහ සම නිරෝගීමත් සහ දීප්තිමත් කර ගන්නට පුළුවන් බව ඔබ දැනගෙන සිටියාද?

කුරුලෑවලට

කුරුලෑ නැති කරගන්න හොඳම ක්‍රමය තමයි නිතර මුහුණ සෝදලා පිරිසිදුව තියාගන්න එක. මේ සඳහා ඔබට හොඳ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මිනරල් ඔයිල් තියෙන කෘත්‍රීම ආලේපන නම් භාවිතයෙන් වැළකෙන්න ඕන. ගෙදරදීම හදාගන්න පුළුවන් ස්වාභාවික ආලේපයක් විධියට මීපැණි මේස හැන්දකට දෙහි ගෙඩි බාගයක් විතර මිරිකලා දාලා මුහුණේ ආලේප කරලා විනාඩි 20ක් විතර ඉඳලා සෝදලා දාන්න. මේක සතියකට සැරයක් විතර කරන්න පුළුවන් නම් වඩාත් ගුණදායී වෙනවා.

ඔබ නිතර මානසික ආතතියෙන් වගේ ඉන්නවා නම් කුරුලෑ ඇතිවෙන්න තියෙන බලපෑම බොහොම වැඩියි. ඒ නිසා හැමවිටම හිත සතුටින් ඉන්න බලන්න. ලංකාවේ කෑම රටාවත් එක්ක නම් කුරුලෑවලට කෑම නිසා වැඩි බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. හැබැයි ඔබ නිතර චොක්ලට් කනවා නම් එය ටික කාලෙකට නවත්වා ගන්න වෙනවා. කැරට්, නිවිති, ගෝවා, පිපිඤ්ඤා, බිත්තර, හතු, මුහුදු ආහාර ඔබේ කෑම වේලට එකතු කරගත්තොත් එයින් කුරුලෑ නසන්නට හොඳ පිටිවහලක් ලැබෙනවා.

ඇස් යට කළුවීම සඳහා

අපේ ඇස යට තිබෙන තුනී සම සතුව ඊට යටින් තිබෙන රුධිර නාල වහගන්නට තරම් ප්‍රමාණවත් මේද ප්‍රමාණයක් නැහැ. මේ නිසා මෙලනින් වර්ණකය නිසා ඇතිවන කළු පැහැය බාහිරට දිස් වෙනවා. මෙයට බොහෝ වශයෙන් ජානමය හේතු සාධක එක් විය හැකි නිසා ඔබට ඇතැම්විට සම්පූර්ණයෙන්ම ඉන් මිදෙන්නට හැකියාව ලැබනෙ එකක් නැහැ. කොහොම නමුත්, මී පැණි මේස හැන්දක්, පිපිඤ්ඤා යුෂ මේස හැන්දක්, අල යුෂ මේස හැන්දක් එකට එකතු කරලා සකසා ගත් මිශ්‍රණය ඔබට සතියකට දෙවරක් පමණ ඇස් යට කළුවූ ස්ථානවල ගල්වා විනාඩි 20ක් විතර තියලා සෝදා හරින්නට පුළුවන් නම් කෙටි කාලයකින්ම ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකි වේවි.

ඔබට හොඳින් නින්ද නොලැබෙනවා නම් සහ නිතර මානසික ආතතියෙන් පෙළෙනවා නම් ඇස් යට කළුවීම් ඇතිවෙලා නැවතත් ඒකටත් මානසික ආතතිය ඇති කරගන්නට සිද්ධ වෙනවා. මේ තත්ත්ව නිසා ශරීරයේ කෝටිසෝල් ප්‍රමාණය ඉහළ යාමෙන්, හිරු එළියට හසුවීම නිසා සමට හානි සිදුවීමෙන් සහ ආසාදන තත්ත්ව නිසා හිස්ටැමීන් ස්‍රාවය වීමෙන් මේ ඇස් යට කළුවීම සිද්ධ වෙනවා.

සම වියළි නම්

ඔබේ සමේ ගැලවී යන ස්වභාවයක් තිබෙනවා නම් සම නිතර තෙත් සහිත බව රැකගැනීම වැදගත්. ඒ සඳහා හොඳින් ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වගේම ආලේපයක් වශයෙන් මී පැණි මේස හැඳි දෙකකට කිරි මේස හැඳි දෙකක් එකතු කරලා මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. මෙය පිරිසිදු රෙදි කඩකින් අරගනිමින් මුහුණේ ආලේප කරන්න. ඊට පස්සේ විනාඩි 10ක් විතර තියෙන්නට හැරලා සෝදා හරින්න. මේ ආලේපය නිසා සමට අවශ්‍ය විටමින් ලබාගන්නට පුළුවන් නිසා සමේ ඇදෙන සුළු බව වැඩි කරලා රැලි ස්වභාවය අඩු කරමින් පිරිපුන් බවක් ලබා දෙන්නට එයට හැකියාව තිබෙනවා.

ඒ වගේම වියළි සම ඉවත් කරන්නට ස්ක්‍රබ් එකක් වශයෙන් මී පැණි එක්ක ඕට් කැබලි කළවම් කරලා පාවිච්චි කළ හැකියි.

සුසිනිඳු නාදළු දෙතොලකට

දෙතොල කියන්නේ කාන්තාවකට තමන්ගේ පෙනුම වැඩි කරගන්න අවශ්‍ය නම් ඉතාම හොඳින් නඩත්තු කළ යුතු දෙයක්. දෙතොල රළු වුණාම ලිප්ස්ටික් ආලේප කළාම රළු බව කැපී පෙනෙන අතර සමානව ආලේප කරගන්නටත් වැඩි කාලයක් ගත කරන්නට සිද්ධ වෙනවා. අධික වියළි බව නිසා තොලේ සම ඉවත් වන්නට පටන් ගත්තොත් තොල මත ඒවාද පෙනෙන්නට පටන් ගන්නා අතර ඒවා අතින් ඉවත් කළාම දරාගන්න බැරි වේදනාවකුත් ඇති වේවි. ඊට පස්සේ කන්න බොන්නත් අමාරු වෙනවා. ඉතින් මේ හැමදේම නැති කරගන්නට නම් තොලේ සම ගැන හොඳින් සැලකිලිමත් විය යුතු වෙනවා.

තොල සුසිනිඳු කරගන්නට මී පැණි එක්ක සීනි සහ ඔලිව් තෙල් මිශ්‍ර කර තොල්වල ආලේප කරන ගමන් ඇඟිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරන්න. මෙය දවස් තුනකට වරක් වගේ කළාම සමේ තෙත් සහිත බව පවත්වා ගනිමින් වඩාත් සිනිඳු බවක් කෙටි කාලයකින්ම ලබා ගන්නට පුළුවන්. මේ තුන වෙනුවට අවශ්‍ය නම් දුඹුරු සීනි, මී පැණි සහ ළදරුවන් සඳහා භාවිත කරන ක්‍රීම් වර්ගයක් කළවම් කරගන්නට පුළුවන්. නමුත් එය ශරීරගත වන්නට ඉඩ දෙන්න එපා.

ඝනකම් සහ දිලිසෙන කෙස් කළඹකට

කාන්තාවකට තමන්ගේ කෙස් කළඹ තරම් වැදගත් දෙයක් තවත් නැහැ. දණහිස දක්වාම දිග කෙස් කළඹක් කියන්නේ ඕනම කෙනෙක්ගේ ඇස යන දෙයක්. හැබැයි කොච්චර දිග වුණත් ඒක පොල් කොස්සක් වගේ වුණොත් නම් හිමාලය කන්ද නැගලා මරියානා ආගාධයට වැටුණා වගේ තමයි ‘ආශා ප්‍රස්ථාරය’ අඳින්න වෙන්නේ. ඉතින් හිසකේවලට පෝෂණය සහ දිලිසෙන බව සමඟ ඝනකම් බව ලබාගන්නට ඔබට පහත ආලේපන පාවිච්චි කරන්න පුළුවන්.

මී පැණි එක්ක බිත්තර කහමදය සමාන ප්‍රමාණවලින් කලවම් කරලා හිස කෙස්වල හොඳින් ආලේප කරලා විනාඩි 30ක් විතර තියලා සෝදලා හරින්න. බිත්තර ටිකක් ගඳයි වගේ නම් සහ වෙජිටේරියන් අදහස් හිස්කබලට යටින් තිබෙනවා නම් මී පැණිත් එක්ක ඔලිව් තෙල් 2:1 අනුපාතයෙන් මිශ්‍ර කරගන්න පුළුවන්. මෙය සතියකට සැරයක් වගේ කිරීමෙන් ඔබේ හිසකෙස්වල දීප්තිමත් ස්වභාවයක් ඇති වේවි. ඝනකම් බව ඇති කරගන්නට නම් මීපැණි මේස හැන්දක් පොල්තෙල් මේස හැඳි දෙකක් එක්ක කලවම් කරලා කෙසෙල් ගෙඩි දෙකක් හොඳින් පොඩි කරලා එයට එකතු කරගන්න. මෙය හිසකේවල හොඳින් සමාන ප්‍රමාණවලින් ගල්වා පැය බාගයකට විතර පස්සේ ෂැම්පු වලින් සෝදා හරින්න.

කොණ්ඩෙ යනවාට

මේ කාලයේ කොණ්ඩේ යන එක බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක්. කාර්යබහුලවීමත් එක්ක මානසික ආතතිය වැඩිවීම සහ නිතර අව්වේ සිටීම, හිස්හොරි හෝ වැරදි සෞඛ්‍ය පුරුදු ආදිය නිසා හිසකෙස් ගැලවී යාම වැඩිවී තිබෙනවා. මේ සඳහා මී පැණි එක්ක සමාන ප්‍රමාණවලින් මීකිරි හෝ ලෙමන් යුෂ කලවම් කරලා හිස ගල්වලා ඇඟිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරන්නට පුළුවන් නම් හිසකෙස් වැඩීම වර්ධනය කරගන්න පුළුවන්. ඔබේ හිසේ හිස්හොරි ගතියක් තිබෙනවා නම් ස්වාභාවික ආලේපයක් විධියට සාමාන ප්‍රමාණ වලින් මී පැණි එක්ක කලවම් කරපු ළූණු යුෂ පාවිච්චි කරන්න පුළුවන්. ළූණු හීනියට ලියලා තලලා අරගෙන හෝ වතුර ස්වල්පයක් එක්ක බ්ලෙන්ඩර් කරලා ළූණු යුෂ හදාගන්න පුළුවන්. මේක ටිකක් ගඳ වුණාට හොඳ ප්‍රතිඵල ලබා දෙනවා.

තඹරු විජේසේකර

Comments

comments

Continue Reading

E Style

මේකප් නැතුව හැඩවෙන්න සරළ ක්‍රම 10ක්

Published

on

ඇත්තටම තරුණියකට, කාන්තාවකට සුන්දරත්වය කියන්නේ නම් ආභරණයක්. ඇඳුමෙන් පැලඳුමෙන් වගේම මේකප් එහෙකින් ගැහැණියකගේ සුන්දරත්වය මනින්න බෑ. පිටට පේන්න කොච්චර ලස්සන වුනත් තමන්ට උපතින්ම ලැබුණ සමහර දායාද ඒ විදියට රැක ගැනීම තුලින් ඔයාගේ ලස්සන තවත් වැඩි කර ගන්න ඔයාට පුළුවන්. විවිධ ආලේපන වර්ග වලට සම පැහැපත් කර ගත්තත් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් නොවුනොත් නම් ඔයා බලාපොරොත්තු වෙන සුන්දරත්වය රදා ගන්න නම් ටිකක් අමාරු වෙයි.
ඉතින් තරුණියක් විදියට ඔයාගේ සුන්දරත්වය රැක ගන්න අද ඉඳලම මෙන්න මේ කියන දේවල් ගැනත් ඔයා වැඩිපුර අවදානයක් දෙන්න ඕන.

01. පරිපූර්ණ ඇහි බැම

ඇස් දෙකත් එක්කම ඕන කෙනෙක්ගේ බැල්ම යොමු වෙන එක් අංගයක් තමයි ඇහි බැම කියන්නේ.ඉතින් කාන්තාවකගේ සුන්දරත්වය රදා පවතින ඒ අංගය ඕනෑම කාන්තාවකගේ මුහුණේ හැඩය හා පෙනුම තවත් ලස්සන කරන්න බොහෝ සෙයින් වැදගත් වෙනවා.ඉතින් ඔබ ඔබේ ඇහි බැම සකස් කිරීමේදී ඔබේ මුහුණට තවත් ආලෝකයක් එක් වෙන විදියට ඇහි බැම සකසා ගන්නත් අමතක කරන්න එපා. ඝනව වැඩුන ඇහි බැම ඔබේ මුහුණට වෙනම සුන්දරත්වයක් එක් කරාවි.ඉතින් ඝන ඇහි බැමි වලට හිමිකම් නොකියන ඔයාටත් පුළුවන් කැස්ටර් තෙල් හා විටමින් A භාවිතා කර ඝන ඇහි බැම යුගලකට හිමිකම් කියන්න.

02. ඔබගේ දෑස් ගැන අවධානය දෙන්න

අපි ඉහත සඳහන් කරා වගේම ඕනෑම කාන්තාවකගේ මුහුණේ ලස්සන වැඩි කරන බැලූ බැල්මටම ඕන කෙනෙක්ගේ හිත ඇදී යන්නේ ඇස් දෙකට. ඉතින් අපේ පමණක් කාන්තාවන් නම් මුණ ගැන හිතුවත් ඇස් දෙක ගැන නම් හිතන්නේ ටිකක් අඩුවෙන්. ඇත්තටම ඔබේ ඇස් වටා පවතින අඳුරු ස්වභාවය ඔබේ සුන්දරත්වයට හානි කරන්න පුළුවන්.ඉතින් මෙන්න මේ ඇස් වටා වූ අඳුරු පෙනුම දුරු කර ගන්න ඔයාට රෙනිනොල් සහිත ඇක්ෂන් ක්‍රීම් එකක් භාවිතා කරන්න පුළුවන්.

03. සුදුවන් දත් දෙපළක්

කාන්තාවකට හිනාව කියන්නේ මුණේ ලස්සන වගේම හොඳ ආභරණයක්. ඉතින් කට ඇරලා කෙනෙක් එක්ක හිනා වෙන්න නම් අපේ දත් ටික ලස්සනට සුදුවට තියා ගන්න ඕන. මුණ විතරක් සුදු වෙලා ලස්සන වුනාට වැඩක් නෑ කට ඇතුලේ තියෙන දත් ටික ලස්සනට නැත්නම්. ඉතින් දවසට දෙපාරක් දත් මදින එක පුරුද්දක් කර ගන්නවා වගේම පැණි රස ජාති කෑවට පස්සේ කෝපි, වයින් වගේ දේවල් පානය කරාට පස්සෙත් දත් මදින්න අමතක කරන්න එපා.

04. ඔබේ දෙතොල් අමතක කරන්නත් එපා

කාන්තාවකට දෙතොල් කියන්නේ සරාගය පිරුන අංගයක්. අපේ සමහර කාන්තාවන් නම් තමන්ගේ දෙතොල් අඳුරුයි කියල එක එක ආලේපන වර්ග භාවිතා කරනවා.ඔයාලා දන්නවද ඔය එක එක ආලේපන වර්ග කවලමේ භාවිතා කිරීමෙන් යම් යම් ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන් කියල.ඒ නිසා දෙතොල් හැඩ කර ගන්න දෙතොල් ආලේපන භාවිතා කරනවා නම් ඔයාගේ සමට හරියටම හරියන ආලේපන වර්ගයක් තොරා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ දෙතොල් මෘදුව ඇඟිලි තුඩු හෝ මෘදු බුරුසුවක් යොදා පිරිමැදීම තුලින්ද පැහැපත් දෙතොලක් උරුම කර ගන්න ඔබටත් පුළුවන්.

05. ඔබේ හිසකෙස්

කාන්තාවකට තම කෙස් කළඹ කියන්නේ ඇත්තටම සුන්දරත්වයේ වටිනාම තිළිණය.පලිඳු නොවුන දීප්තිමත් දිගුවන් කෙස් වැටියක් ඕනෑම කාන්තාවකගේ සිහිනයක්.ඉතින් සුන්දරත්වය ගැන හිතන කාන්තා ඔබ වැඩිපුරම සැලකිලිමත් විය යුතු තවත් එක් දෙයක් තමයි ඔබේ කෙස් කළඹ.ඔබ නාන විටදී වුනත් ඔබේ හිසට ගැලපෙන එක ෂැම්පු වර්ගයක්ම දිගටම භාවිතා කරන්න අමතක කරන්නත් එපා.ඒ වගේම තමයි ඕනෑම කෙනෙක්ගේ කොන්ඩේ වර්ධනයට හා අග පැලීමට , වියලි බවට මෙන්න වෙනත් හැම ගැටළුවකටම හොඳම බෙහෙත පොල් තෙල්.ඉතින් මුහුණේ සුන්දරත්වය වගේම දිදුලන කෙස් කළඹක් උරුම කර ගන්නත් ඔබත් ඔබේ කෙස් කලඹට වැඩි අවදානයක් ලබා දෙන්න අමතක කරන්න එපා.

06. සන් ක්‍රීම් භාවිතය

පාර ජම්බුල කිරණ ඔබගේ තරුණ සම රැලි වැටුන වයසක සමක් බවට පත් කරයි. එහිදි එයින් මිදීමට සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න. නමුත් සන් ක්‍රීම් භාවිතා කල යුතු වන්නේ තද හිරු රශ්මිය සහිත වටපිටාවක ගැවසෙනවා නම් පමණක් බව මතක තබා ගන්න.

07. ඔබේ සම

කාන්තාවකගේ වගේම පුරුෂ පාර්ශවයෙත් සුන්දරත්වය රැක දෙන ප්‍රධානතම අංග ලක්ෂණයක් තමයි සම කියන්නේ. ඔබ දැකල තියෙනවද සමහර උදවියගේ සම රැලි වැටිලා, විජලනය වෙලා බලන්නත් කැතයි නේද? ඉතින් අන්න එහෙම වෙන්නේ ඔයාගේ ශරීරෙට අවශ්‍ය මේදය වගේම නිසි ජල පරිමාව නොලබුනාම.ඒ වගේම තමයි අපේ සමහර උදවිය සම රැලි වැටීම වලක්වා ගන්න කියල එක එක මාදිලියේ ක්‍රීම් වර්ගත් භාවිතා කරනවා. ඒ අතර සන් ක්‍රීම් ප්‍රධාන තැනක් ගන්නවා. හැබැයි මතක තියා ගන්න මේ සන් ක්‍රීම් වලටත් ඔයාගේ සම රැලි වැටෙනවා. ඔයා සන් ක්‍රීම් භාවිතා කරන්න ඕන තද හිරු රශ්මියක් පවතින වටපිටාවක සැරි සරනවානම් විතරයි. ඔයාගේ සම බැක්ටීරියා වලින් වගේම එක එක සමේ රෝග වලින් ආරක්ෂා කර ගන්නත් වෙන්නේ ඔයාටම තමයි.ඉතින් සම ආරක්ෂා කර ගන්න දිනපතාම නාන්න,ඇග සෝදන්න ඔයාට පුළුවන්. ඔයාගේ සුන්දරත්වය රදා පවතින මුලිකම සාධකය වන සම පිළිබඳ වැඩි අවධානයක් ඔන්න එපාර ඉඳලා නම් දෙන්න සිදු වෙයි.

08. නින්ද

ඇත්තටම ඔයාලා බලනවා ඇති නේද අපේ සුන්දරත්වයට නින්ද සාධකයක් වෙන්නේ කොහොමද කියලා. මෙච්චර වෙලා කථා කරපු දේවල් වලට වඩා වෙනස්ම දෙයක් අපේ ලස්සන රැක ගන්න අපට වැදගත් වෙන්නේ කොහොමද ? දන්නවද අපි ලස්සනට ඉන්න නම් අපේ මනස පිරිසිදු වෙන්න ඕන වගේම අපේ මතකයත් හොදින්ම පවතින්න ඕන. අපි නීරෝගීව හිටියොත් විතරයි අපිට අපේ ලස්සන ගැන හිතන්න පුළුවන් වෙන්නේ. පමණක් අය කියනව නේද “ අනේ මගේ ඇස් යට කළු වෙලා, කොන්ඩේ යනවා, දැන් දැන් හමත් රැලි වැටිලා “ කියලා. ඇත්තටම මෙන්න මේ දේවල් සේරටම ප්‍රධාන වුන හේතුව නින්ද කියල මම කිවුවොත් ඔයා විශ්වාස කරනවද. අපි ඕනෑම කෙනෙක්ට පැය හතක හෝ නවයක පුර්ණ නින්දක් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි. රාත්‍රී 11 න් පසුව නින්දට යාමේදී අපේ ලස්සනට මුලික වෙන යම් හෝමෝනයක් අපේ ශරීරයේ නිපදවෙනවා.ඉතින් ඔන්න එලිවෙනකන්ම online ඉඳන් නිදි වරණ ඔයාට මේක හොඳ point එකක් වේවි.

09. ආහාර

න්ද වගේම අපේ සුන්දරත්වයට බලපාන තවත් හේතු සාධකයක් තමයි අහාර කියන්නේ.අපේ පමණක් කාන්තා උදවිය නම් උයන්න පිහින්න ගියත් කිසිම දෙයක් ගැන හිතන්නේ නැ කාලා ඕන නේද අහවි සේරම කරන්න. එක දවසක කෑම වේලට ඔයා කොයි තරම් නම් දේවල් හදනවා ඇතිද නේද. එත් ඔබ දන්නවද ඔබේ සුන්දරත්වයට ආහාර වල බලපෑම කොයිතරම් නම් බලපානවද කියලා. කාලා කාලා මහත් වුනාම නම් තේරේවි. ඒ වගේම තෙල් ජාති කාල කුරුලෑ දාන කොටත් මතක් වෙයි. ඉතින් එහෙනම් ආහාර ලබා ගනිද්දීත් ටිකක් ප්‍රවේශමෙන් ආහාර ලබා ගන්න. පලතුරු,පලා වර්ග,එළවලු වර්ග වැඩි වැඩියෙන් ලබා ගෙන තෙල් බැදුම් වලින් ටිකක් ඈත් වුනොත් හොඳයි නේද.

10. ඇඳුම් පැළදුම්

කාන්තාවකගේ සුන්දරත්වය දිහා බලද්දී ඒ කෙනා අදින පළදින විදිය ගොඩක් වැදගත් වෙනවා.ඉතින් තමන්ගේ උසට මහතට ගැලපෙන විදියට වගේම තමන්ගේ සමේ පාටට ගැලපෙන විදියට ඇඳුම් පැළදුම් තෝරා ගැනීම තුලින් ඔයාගේ සුන්දරත්වය වැඩි කර ගන්න ඔයාට පුළුවන්. ඔයා අඳින ඇඳුමට අනුව එයට ගැලපෙන ආභරණ පැලදීම තුලින් ඔයාගේ සුන්දරත්වය ඉස්මතු වෙලා පෙනේවි. ඒ වගේම තමයි ඇඳුමේ පාටට ගැලපෙන විදියට ඔයාගේ සමට මැච් වෙන්න නිය ආලේපන,තොල් ආලේපන භාවිතා කරන්නත් අමතක කරන්න එපා.

Preview photo credit instagram

Comments

comments

Continue Reading

E Style

තරුණියන්ට නවීන විලාසිතා සමඟින් ශ්‍රී ලංකාව තුල නමක් දිනූ Online Fashion Stores 10ක්

Published

on

ඇත්තටම කාන්තාවන්ට ඉතින් ලස්සනට අඳින්න පළඳින්න තියේ නම් කන්න ඕනෙත් නෑ කියලා කියනවා නේ. ලස්සනට හැඩ වැඩ වෙන්න උනන්දුවක් දක්වන කාන්තා ඔබට ඔබ බලාපොරොත්තු වන ආකාරයේම ඇඳුම් ආයිත්තම් මිලදී ගන්න හොඳ විශ්වාසනීය සාප්පු තියෙනවද ? ඉතින් එහෙම තිබුණත් ඔබේ සිතැඟි අනුව ඔබට ගැලපෙනම දේ එහිත් නැති වෙන්න ඉඩ තිබෙනවා නේද ? ලංකාවෙ කොයි තරම් සුපිරි ගණයෙ ඇඳුම් ආයිත්තම් තිබෙන සාප්පු සංකීර්ණ තිබුණත් ඔයාගෙ අතේ තියෙන මුදලට, ඔයාගෙ සයිස් එකට, ඔයා කැමති ගානට කැමති පාටින් ඔයා හොයන ඔයාගෙ චොයිස් එක නැත්නම් ඔයාට පුළුවන් ඔයාට ඕන විදිය කියලා ඔයාගෙ හිතේ හැටියටම ඔයාගෙ තේරීම ගෙදරටම ගෙන්වා ගන්න

ඉතින් ඔයාගෙ තේරිම අනුව ඔයාට හරියන හොඳම විදියෙ ඇඳුම් ඔයාලට පුළුවන් ඔන්න දැන් අන්තර්ජාලය හරහාම ඇනවුම් කරලා අතේ තියෙන මුදලට ගෙදරටම ගෙන්වා ගන්න. ඔන්න ඒ නිසාම අපි අද හිතුවා තරුණ ඔබේ සිතැඟි අනුව ඔයාට ගැලපෙන හොඳම මාදිලියේ ඇඳුම් ආයිත්තම් තියෙන දැනට ලොව ප්‍රමුඛ නාමයක් දිනා සිටින Online Fashion Store කිහිපයක් හදුන්වා දෙන්න. අන්තර්ජාලය හරහා විවිධ විවිධ මාදිලියේ දේවල් ඇනවුම් කරන ඔයාලට මේ කියන Online Fashion Store නම් ගොඩක් වැදගත් වෙයි.

හොඳම දේ හොඳම විදියට අතේ ඇති මිලට සිත් සේ තෝරා ගන්න ඔබත් අදම මේ Online Fashion Store ගැන දැනුවත් වෙන්න.

01. Alura


ලස්සනට අඳින්න කැමති කාන්තා ඔබටම වෙන් වුන Alura Online Fashion Store පිහිටා තිබෙන්නෙ නම් නුවර. හැම වර්ගයකම කාන්තා ඇඳුම් වගේම කාර්යාලීය රෙදිපිළි , උත්සව, ප්‍රිය සම්භාෂණ වලට ගැලපෙන හොඳම විදියේ නවීන විලාසිතාවන් සහිත බටහිර පන්නයේ ඇඳුම් Alura වෙතින් ඔයාටත් අන්තර්ජාලය හරහා ඇනවුම් කරලා සතියේ දින වලදි ඔයාගෙ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. වෙනත් Online Fashion store එක්ක බැලුවම Alura අය නම් ටිකක් වෙනස්.මොකද මෙහි සියලුම ඩිසයිනින් කටයුතු සිදු කරන්නෙ Alura එකේ Owner අශේනියි ඇයගෙ සහෝදරිය බිශාරිගෙ සුරතින්. ඉතින් ඒ නිසා ඔයාට ඕන ඔයාගේ හිතේ තිබෙන විලාසිතාව ඔයාට ඔයා වෙනුවෙන්ම ඔයාගෙ සිතැඟි පරිදි නිමවාගන්නත් ඉඩ තිබෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් Alura Fb page එකට මැසේජ් එකක් දාලා සම්බන්ධ කරගෙන ඔයාගෙ තේරිමත් නිවසටම ගෙන්වා ගන්න.

02. Kelly Felder

සියලුම වර්ගයේ කාන්තා විලාසිතාවන් නව තාලයට ගැලපෙන ලෙස මිලදී ගැනීමට උනන්දු වෙන ඔබට kelly Felder කියන්නෙත් අගනා Online fashion store එකක්. නව මාදිලියේ ලස්සන ලස්සන විලාසිතා කාලයට, තාලයට ගැලපෙන ලෙස තෝරා ගන්න නම් ඔබටත් පුළුවන් පහත සඳහන් Kelly Felder store සමඟ සම්බන්ධ වෙන්න. 117, ධර්මපාල මාවත, කොළඹ 07 පිහිටි kelly felder store 011-7227000 / 0769855331 345, ගාලු පාර, කොළඹ 03 Kelly Felder 25, නුවර පිහිටි Kelly Felder ( 0817221400) එස්.ද.එස් ජයසිංහ මාවත නුගේගොඩ පිහිටි kelly felder යන kelly felder store වලින් ඔබට අවශ්‍ය ඕනෑම විලාසිතාවකට අනුව අළුත්ම කාන්තා ඇඳුම් අන්තර්ජාලය හරහා ඇනවුම් කල හැකි අතර kelly felder fb page එක හරහාද ඔබට වැඩි විස්තර දැන ගැනීමට හැකිය.

03. Nils Store

Online fashion store අතර ඉහල නමක් දිනා සිටින Nils store කාන්තා ඔබගේ අවශ්‍යතාව පරිදි ඔබට අවශ්‍ය නව විලාසිතාවන් සමඟින් නිබඳව ඔබ වෙනුවෙන් කැපව සිටී. නුගේගොඩ, වත්තල, තලවතුගොඩ, ලිබර්ටි ප්ලාසා යන ස්ථාන වල Nils store ශාඛාවන් පිහිටා ඇති අතර ඔබගේ අවශ්‍යතාව පරිදි අන්තර්ජාලය හරහා ඔබ ඇනවුම් කරන ඇඳුම් වර්ග පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා Nils store fb page එක සමඟ සම්බන්ධ වීමට දැන් ඔබට පුළුවන්. නැතිනම් 075758877 යන දුරකථන අංකය හරහා ඔබට Nils store සමඟ සම්බන්ධ වීමට ද හැකිය.

04. Bollywood Boutique

නම දැක්ක ගමන් හිතෙනවා නේද මේ නම් ඉන්දියානු විලාසිතාවට ගැලපෙන ඇඳුම් තියෙන තැනක් කියලා. ලස්සන ෂල්වාර් ,කුර්තා, ඉන්දීය සාරී, වගේම කාන්තා ඔබට ගැලපෙන නවීන අළුත්ම අළුත් ඉන්දීය රෙදි පිළි වලින් යුත් Bollywood Boutique කාන්තා ඔබටම ගැලපෙන ලස්සන ඇඳුම් ගොන්නක් පිරි ලස්සන තැනක්. Bollywood Boutique එකේ ඔන්න මේ දවස්වල දීපවාලි සේල් එකකුත් තියෙන නිසා තවත් ගණන් අඩුවට ඔයාගෙ අතේ ඇති මිලට ලස්සන ඉන්දීය රෙදිපිළි ගන්න ඔයාටත් පුළුවන් වෙයි. ඒ වගේම මේ අය Online Shopping කරන නිසා කොළඹ අවට පැතිවලට ෆ්‍රී ඩිලිවරි ලබා දෙනවා. Bollywood Boutique fb page එක හරහා ඔබට පුළුවන් තවත් වැඩි විස්තර ලබා ගන්න. ඒ වගේම No 411/6, හැව්ලොක් පාර, කොළඹ 06 කියන ලිපිනයෙහි තියෙන Bollywood Boutique ස්ථානයට ගොඩ වෙන ඔයාට විශේෂ වට්ටම් සහිතව ඔබට ගැලපෙනම ඇඳුම් තෝරා ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඉන්දීය තාලෙට අදින්න පළදින්න කැමති ලංකාවෙ ඔයාලට Bollywood Boutique කියන්නෙ ඉතින් ඉන්දියාවට ගිහින් ඔයා කැමති විලාසිතා තෝරන් ආව වගේ අත්දැකීමක්. ඇත්තටම දිනෙන් දින වෙනස් වන විලාසිතා එක්ක ඔයා කැමතිම Bollywood තරු අඳින පළදින තාලෙ ලස්සනම ලස්සන වර්ණවත් රෙදිපිළි තෝරා ගන්න නම් ඔබත් අදම Bollywood Boutique වෙත ගොඩ වෙන්න.

05. Aurora Collection

අළුත් විලාසිතා අතර Aurora collection හොඳ නමක් දිනා ගෙන තිබෙනවා වගේම Online fashion store අතරත් Aurora collection ඉදිරියෙන්ම තිබෙන නාමයක්. නවීන කාන්තා ඇඳුම් වගේම මසා නිම කළ යට ඇඳුම් ඔබේ සිතැඟි පරිදි ගෙදර ඉඳන්ම ඇනවුම් කරන්න නම් ඔබට පුළුවන් Aurora collection fb page එක හරහා වැඩි විස්තර ලබා ගන්න. එසේත් නැති නම් 077 788 3742 යන දුරකථන අංකය හරහා ඔබට පුළුවන් ඔවුන්ව සම්බන්ධ කර ගන්න.වත්තල, බත්තරමුල්ල, ජා ඇල යන ස්ථානයන්හී පිහිටි Aurora collection fashion store වලින්ද ඔබට ගැලපෙන නවීන විලාසිතාවන් තෝරා ගැනීමට ඔබට පුළුවන්.

06. Molly Boulevard

Online fashion store අතර තවත් නමක් තමයි Molly Boulevard. කාන්තා ,ළමා නවීන විලාසිතා ඇඳුම් වගේම ඔබ තෝර ගන්න ඇඳුම් වලට ගැලපෙන ආභරණ, ඔබට අවශ්‍ය ආලේපන වර්ග ක්‍රීම් වර්ග යන හැමදේම ඔයාට එකම තැනකින් ඇනවුම් කරන්න පුළුවන් වගේම ගෙදරටම ඒවා ගෙන්වා ගන්නත් ඔබට පුළුවන්. මීගමුවේ පිහිටි Molly Boulevard වලින් වගේම අන්තර්ජාලය හරහා ඔබට අවශ්‍ය ඕනම දෙයක් ඔබට ගෙදර ඉඳන්ම දැන් බලලම ඇනවුම් කරන්න පුළුවන්. Molly Boulevard fb page එක හරහා වගේම 077 389 9955 යන දුරකථන අංකය හරහා ඔබට අවශ්‍ය භාණ්ඩ වල වැඩි විස්තර ලබා ගන්න ඔබට පුළුවන්.

07. Chenara DODGE

අලුත්ම විදියෙ නවීන විලාසිතාවන්ට අනුව ලස්සන ලස්සන ඇදුම් තෝරා ගැනීමට කාන්තා ඔබ වෙනුවෙන් වෙන් වුන තවත් online fashion store එකක් ලෙස Chenara DODGE හදුන්වා දෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය අලුත්ම තාලෙ කාන්තා ඇඳුම් නිවසේ සිටම ඇනවුම් කරන්න දැන් ඔයාට පුළුවන් වගේම chenara dodge fb page එක හරහා වැඩි තොරතුරු ලබා ගන්නත් ඔයාට පුළුවන්.

08.Zigzag.lk

Online fashion store අතර තවත් ලොව දිනූ නාමයක් ලෙස Zigzag.lk හදුන්වා දෙන්න පුළුවන්. කාන්තා විලාසිතාවන් අතර අළුත්ම විදියෙ නව විලාසිතාවන්ට කාන්තා ඔබට ගැලපෙන ඇදුම් Zigzag.lk වෙතින් නිවසේ සිටම ඔබට ඇනවුම් කර ගෙදරටම ගෙන්වා ගත හැකියි. 3 වන මහල, 9 ඒ, ශාන්ත ඇන්තනී පාර, කොළඹ 03 පිහිටි Zigzag.lk වෙත ගොඩ වෙන ඔබට වගේම ගෙදර ඉඳන් ඔබට ගැලපෙන දේ තෝරන්න උනන්දුවක් දක්වන ඔයාටත් 072 678 0817 යන දුරකථන අංකය හරහා හෝ Zigzag.lk fb page එක හරහා ඔබට තවත් වැඩි විස්තර ලබා ගත හැකියි.

09. Spring & Summer


Spring & Summer Online fashion store අතර අද වෙද්දි ප්‍රධාන තැනක් හිමි කරගත් Spring & Summer store තුලින් කාන්තා ඔබට අවශ්‍ය නවීන මාදිලියේ විලාසිතා සහිත ඇඳුම් දැන් අන්තර්ජාලය හරහා ඔබේ නිවසටම ගෙන්වා ගන්න දැන් ඔබට හැකියාවක් තිබෙනවා. ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවර් කරන්න Spring & Summer කණ්ඩායම කටයුතු සලසා තිබෙන නිසා අතේ තියෙන මුදලට ඔයාටත් පුළුවන් අළුත් අළුත් විලාසිතා දැන් Spring & Summer හරහා ඔයාගෙ සිතැඟි පරිදි තෝරා ගන්න. වැඩි විස්තර Spring & Summer fb page එක හරහා මෙන්ම 0766292920 යන දුරකථන අංකය හරහා ඔබට ලබා ගත හැකියි.

10. Clara vogue

Online Shopping store අතර තවත් නමක් දිනා ගත් Clara vogue කාන්තා ඔබට අවශ්‍ය නවීන විලාසිතාවන්ට අනුව මසානිම කළ ඇඳුම් වගේම කාන්තා කන කර ආභරණත් එකම තැනකින් ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. Clara Vogue fb page එකෙන් වගේම 0112886050ට අමතා ඔබට අවශ්‍ය තවත් වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න සාප්පු වල තෙරපිලා ඔයාගෙ හිතේ හැටියට ඔයාට අවශ්‍ය දේවල් තෝර ගන්න හැමදාම යන සාප්පු සංකීර්ණ වලට වඩා වෙනස් විදියට ඔයාට අවශ්‍ය දේ ගෙදර ඉඳලම ඇනවුම් කරලා කාලයත් ඉතිරි කර ගෙන අතේ මුදලටම ඔයාට ඇඳුම් ගෙන්වා ගන්න පුළුවන්

මේ Online fashion store ගැනත් දිනපතාම ඔයත් Update වෙන්න අමතක කරන්න එපා.

Comments

comments

Continue Reading

Trending

Copyright © 2017 E Online Sri Lanka.