ඔබේ සමෙහි අදුරු ස්ථාන(Dark Spots) ඉවත් කරගන්නා ස්වාභාවික සරළ ක්‍රම 11ක්

මිනිසාගේ ශරීරයේ ඇති විශාලම ඉන්ද්‍රිය වන්නේ සමයි. සමේ අසාද්මික තා බොහෝවිට ඇති වන නිසා ඔබේ සම සැමවිටම ඒකාකරව පවත්වාගෙන යාම තරමක් අපහසු කටයුත්තකි. වාර්තා වලට අනුව සමේ ඇති වන සුලභම අසාද්මිකතාවක් වන කුරුලෑ ලෝක ජනගහනයෙන් 80% කගේ ජීවිතයේ කුමන අවස්ථාවකදී හෝ හටගෙන ඇත.

විවිධ හේතූන් නිසා සම අදුරු පැහැ ගැනීම නැතිනම් සමේ අදුරු පැහැ ස්ථාන හට ගැනීම සුලභව දක්නට ලැබෙන දෙයකි. ඔබ ඉතා තරුන අයෙක්නම් මෙය ඔබේ සිතේ ඇති බරපතල ගැටලුවක් වී ඇත. පහත ඇත්තේ ඔබෙ සමේ ඇති ඇදුරු පැහැ තැන් ඉවත් කරගන්නා සරළ ක්‍රම 11කි.

1. ඔබේ සමෙහි සමෙහි අදුරු පැහැ තැන් ඇති වන්නේ කෙසේද?

සමේ අදුරු පැහැ ස්ථාන එක පාරට මතුවිය හැක, නමුත් වෛද්‍ය වරුන් පවසන ආකාරයට ඇතිවන සෑම අදුරු කැලලක්(Dark Spots) ම ඇති වීම සදහා අනිවාර්ය හේතුවක් පවතී. මෙසේ අදුරු කැලලක්(Dark Spots) ඇතිවීමට ප්‍රධානම හේතූන් වන්නේ, හිරු එළියට වැඩි පුර නිරාවරණය වීම, ඉස්සොරි, හොර්මෝන වෙනස් වීම්, මානසික ප්‍රශ්ණ සහා ඔබ ගන්නා සමහර බෙහෙත් වර්ග ඍජුවම අදුරු කැලලක්(Dark Spots) සදහා බලපෑම් ඇති කරයි.

2. අදුරු කැලැල්(Dark Spots) ඉවත් කර ගැනීම සදහා ඇති ස්වාභාවික ක්‍රම

3. ඔබේ ශරීරයේ ඇති අදුරු කැලැල්(Dark Spots) ඉවත් කර ගැනීම සදහා ඇති සරළතම ස්වාභාවික ක්‍රමයක් අලගෙඩියක් භාවිතයෙන් සාදාගත හැක. අලගෙඩිය කුඩා පෙති වලට කපා හෝ අල ජූස් එකක් සදා ඔබේ සමෙහි ඇති අදුරු ස්ථාන වලින් විනාඩි 10 – 15ත් අතර කාලයක් තබන්න. පසුව ඔබේ සම වතුරෙන් සෝදා හරින්න. මෙය සෑම දවසකම දින 7ත් 10ත් අතර කාලයක් කල යුතුය.

4. ශරීරයේ ඇති අදුරු කැලැල්(Dark Spots) ඉවත් කර ගැනීම සදහා ඇති තවත් ස්වභාවික ක්‍රමයක් වන්නේ කෝමාරිකා භාවිතයයි. කෝමාරිකා මගින් සමේ පෝශණය වැඩි කරන අතර සමට අමතර ආරක්ශාවක්ද ලබා දේ. තවද කෝමාරිකා මගින් සමේ වයසට යන සෛල ඉවත් කර සමේ ජීව ගුණය වැඩි කරයි. ඔබ කෝමාරිකා පත්‍රයක් ගෙන එය මැදින් කපා ඔබේ අදුරු පැහැ ස්ථන වල හොදින් අතුල්ලන්න ඉට පසුව එය වේළීමට ඉඩ හැර වතුරෙන් සෝදා හරින්න. මෙසේ සෑම දවසකම ඔබේ කැලෑල් මැකී යනතුරු සිදු කරන්න(සති 2ක්3ක් පමණ)

5. (Dark Spots) ඉවත් කර ගැනීම සදහා ඇති තවත් ඉතා සරළ ස්වභාවික ක්‍රමයක් වන්නේ දොඩම් භාවිතයයි. දොඩම් වල බහුලව ඇති විටමින් C මගින් ඔබේ සමෙහි ඇති ප්‍රශ්ණ රාශියකට විසදුම් ලබා දේ. ඔබට මෙම ප්‍රතිකාරය කිරීම සදහා දොඩම් භාවිතයෙන් සරළ ෆේශල් මාස්ක් එකක් සදා ගත යුතුය. එය සදා ගන්නේ මෙසේය, දොඩම් ගෙඩියේ ලෙලි වෙනම ඉවත් කර දවසක් පමණ වේලා පසුව බ්ලෙන්ඩර් කිරීමෙන් හෝ තලා ගැනීමෙන් ලැබෙන කුඩ(මේස හැදි 1ක් පමණ) කිරි මේස හැදි 3ක් දමා හොදින් කලවම් කර එයින් ලැබෙන තලපය මුහුනේ ගල්වා(ෆේශල් මාස්ක් ලෙස) විනාඩි 10ක් 15ක් වේලෙන තෙක් තබා සෝදා හරින්න. මෙය ඉතා ප්‍රතිපල දාවක ක්‍රමයකි.

6. (Dark Spots) ඉවත් කර ගැනීම සදහා ඇති තවත් ක්‍රමයක් වන්නේ ලෙමන් භාවිතයයි. ලෙමන් වල ඔබේ සමේ වර්ණය වැඩි කරන(සුදු කරන) ස්වභාවික සංයෝග රාශියන් අන්තර්ගත වේ. පුලුන් ස්වල්පයක් ලෙමන් ඉස්ම වල බහා එම ලෙමන් පෙගවූ පුලුන් කැබැල්ල අදුරු පැහැ ස්ථාන මත උඩු අතර අතුල්ලන්න.පසුව ටික වේලාවක් තබා වතුරෙන් සෝදා හරින්න.මෙසේ සති 2ක් පමණ කළ යුතුවේ.

7. (Dark Spots) ඉවත් කර ගැනීම සදහා ඇති තවත් ක්‍රමයක් සහ ඔබේ සමෙහි ඇති පැහැපත් බව වැඩි දියුණු කරගත හැකි තවත් සරළ ක්‍රමයක් වන්නේ ලෙමන් සහා මීපැණි කලවම් කර සදා ගන්නා ද්‍රාවනය ඔබේ මුහුනේ හෝ අදුරු ප්‍රදේශයේ ගල්වා වේලෙන තෙක් සිට සොදා හැරීමයි.මෙය සති 2ක කාලයක් වත් කල යුතු අතර ඔබේ සමෙහි පැහැපත් බව ඉතා වැඩි කරගත හැකි ක්‍රමයකි.

8. ඔබේ ශරීරයේ ඇති අදුරු කැලැල්(Dark Spots) ඉවත් කර ගැනීම සදහා ඇති තවත් සරළ ක්‍රමයක් වන්නේ පිරිසිදු පොල් තෙල් භාවිතයයි. පොල් තෙල් මගි ඔබේ සම පෝශණය කළ හැකි අතර ඔබේ සමේ ඇති අහිත කර බැක්‍ටීරීයා ඉවත් කිරීමක්ද සිදු වේ. පොල් තෙල් ස්වල්පයක් ගෙන ඔබේ සමේහි ඇති අදුරු ස්ථානයේ ගල්වන්න, එසේ සිදු කර සම විසින් පොල් තෙල් උරා ගන්නා තෙක් සිට පසුව සම හොදින් සෝදා ගන්න. මෙමගින් ඔබේ සමේ පෝශණයට අවශ්‍ය විටමින් වර්ගදොබේ සමට ලබා දේ.

9. අදුරු කැලැල්(Dark Spots) ඉවත් කර ගැනීම සදහා ඇති තවත් සරළ ක්‍රමයක් වන්නේ විනාකිරි භාවිතයයි(apple cider vinegar). ඔබේ අදුරු පැහැ ස්ථාන වල විනාකිරි ස්වල්පයක් ගල්වන්න පසුව එය වේළීමට ඉඩ හැර සෝදා ගන්න. මෙසේ සෑම දවසකම සතියක් පමණ සිදි කරන්න. මෙය ඉතා සාර්ථක ක්‍රමයකි. විනාකිරි මගින් ඔබේ සමේ පැහැපත් බවද වැඩිකර ගත හැක.

10. අන්නාසි භාවිතය මගින්ද අදුරු කැලැල්(Dark Spots) ඉවත් කර ගත හැක. අන්නාසි වල ඔබේ මුහුණ නැති නම් සම පැහැ පත් කරන විශේෂ අම්ල අඩංගු වේ. මෙම ක්‍රම භාවිතය සදහා ඔබ බ්ලෙන්ඩර් කර හෝ වෙනත් අකාරයකට අන්නාසි යුශ සාදා ගත යුතුය. පසුව පුලුන් කැබැල්ලක් හෝ රෙදි කැබැල්ලක් භාවිතයෙන් ඔබේ සමෙහි අදුරු තැන් හෝ ඔබේ සමෙහි වර්ණය වැඩි කර ගත යුතු ස්ථාන වලින් මෙම ද්‍රාවනය ගල්වා විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න. ඔබට අන්නසි කැබලි භාවිතයෙන්ද මෙය සිදු කර ගත හැක. ඒ සදහා අන්නාසි ගෙඩියේ කැබලි ඔබට අවශ්‍ය ස්ථානයේ තබා පිරිමදින්න.

11. ඕට්(තලප) සහා යෝගට්(oat and yogurt) භාවිතය මගින්ද ශරීරයේ ඇති අදුරු කැලැල්(Dark Spots) ඉවත් කර ශාරීරය පැහැ පත් කර ගත හැක. ඔබ උදේ කෑම සදහා ගනු ලබන ඕට් සහා යෝගර්ට් මිශ්‍ර කර සාදා ගන්නා මිශ්‍රණය ෆේශල් මාස්ක් එකක් ලෙස සාදා මුහුනේ ගල්වා විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.මෙමගින් ඔබේ සම ඉතා පැහැපත් කර ගත හැකි සේම ඔබේ අදුරු කැලැල් ඉවත් කර ගත හැක.

Add a Comment